"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු"        "A reliable operator of development"    "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"

குடியுரிமை சாசனம்

 යටියන්තොට ගල්පාත ග්‍රාම නිලධාරි වසමේ පදිංචි වී සිටින W.තිලක් ප්‍රියංක M.P. උදේනි හේමලතා පතිරණ  පිංවන්ත දානපතිය තම ව්‍යාපාර වශයෙන් කරන්නේ වැන්දල පංසල ලඟ කොස් වෙළඳාමය. ඔවුන් එයින් උපයා ගන්නා දෙයින් තමනුත් යැපී තවත් දරුවෙකුට අධ්‍යාපන ආධාර ලබා දීම සඳහා යටියන්තොට ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය සමඟ එක් වූ අවස්ථාව.
271866757 443751970743975 6809830895387724169 n

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවුල් ලක්ෂ 02ක් කේන්ද්‍ර කරගනිමින් අංග සම්පූර්ණ ගෘහ නේවාසික ආර්ථිකයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන 2021 මගින් අලෙවි ව්‍යාපෘති සඳහා සෝකේස්,මුද්‍රණ යන්ත්‍ර,සීලර් බෙදාදීමේ වැඩසටහන 2021.01.19 දින සබරගමුව පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය, යටියන්තොට බුලත්කොහුපිටිය සම්බන්ධීකරණ කමිටුවේ උප සභාපති ශ්‍රීලාල් වික්‍රමසිංහ මැතිතුමා , යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතිඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිණියගේ හා යටියන්තොට ප්‍රාදේශීය සභාවේ උප සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන්, යටියන්තොට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකරන ලදි.

272139584 439877447798094 2270236509192458386 n  272161754 439877437798095 7499959004791199229 n272143657 439877404464765 3088471028877029012 n272266057 439877507798088 6753157120003143864 n  272164998 439877424464763 4057809130915698519 n 272211901 439877487798090 601287573761557276 n

මලල්පොල ග්‍රාම නිලධාරී වසමේ මීට මාස දෙකකට පෙර අකුණු සැර වැදීමෙන් මියගිය පුද්ගලයකු වෙනුවෙන් රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය මගින් ලබා දෙන රුපියල් දෙලක්ෂ පනස්දහසක වන්දි මුදල මියගිය අයගේ බිරිඳ වෙත ප්‍රදානය කිරීම
2022.01.19 වන දින සබරගමුව පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය, යටියන්තොට බුලත්කොහුපිටිය සම්බන්ධීකරණ කමිටුවේ උප සභාපති ශ්‍රීලාල් වික්‍රමසිංහ මැතිතුමා , යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතිඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිණියගේ හා යටියන්තොට ප්‍රාදේශීය සභාවේ උප සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන්, යටියන්තොට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකරන ලදි.
IMG 20220119 WA0001 IMG 20220119 WA0002 IMG 20220119 WA0003 IMG 20220119 WA0006 IMG 20220119 WA0005

යටියන්තොට ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයට අනුයුක්ත කරන ලද අභ්‍යාසලාභී උපාධිධාරීන් හට ස්ථීර පත්වීම් ලිපි ලබා දීම යටියන්තොට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු උප සභාපති ගරු ශ්‍රීලාල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතිඥ ප්‍රියංගනි පෙතන්ගොඩ මැතිණියගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය මහලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. පත්වීම් ලද නවක සංවර්ධන නිලධාරී ඔබ සැමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් සියල්ලන්ගේ සුභාශිංෂණ!!

272117511 439545267831312 2112712364410988822 n 272150722 439545187831320 4855698027585052975 n 272139675 439545154497990 8131885237992787040 n

යටියන්තොට හින්දු බලමණ්ඩලය සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කල තෛපොන්ගල් උත්සවය යටියන්තොට ශ්‍රී කදිර්වේලායුධ කෝවිලේ දි පැවැත්විණි.මේ සඳහා මහ සංඝරත්නය සහ කෝවිලේ ප්‍රධාන කුරුක්කල් තුමා මෙන්ම යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතිඥ ප්‍රියංගනි පෙතන්ගොඩ මහත්මිය ප්‍රධාන යටියන්තොට පොලිස්ථානාධිපති තුමන් ඇතුළු ආරාධිත බැතිමතුන් ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. සූර්ය දෙවියන් ගේ පිහිටෙන් රටේ අටු කොටු පිරේවා...!!!

IMG 20220118 WA0004 IMG 20220118 WA0014 IMG 20220118 WA0099 IMG 20220118 WA0084 IMG 20220118 WA0025 IMG 20220118 WA0069

News & Events

குடியுரிமை சாசனம்

Scroll To Top