![]() |
"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු" "A reliable operator of development" "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"
|
ඩෙංගු නිවාරණ සතිය වෙනුවෙන් යටියන්තොට ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලීය පරිශ්‍රය තුළ තත්ත්ව කව මඟින් සංවිධානය කරන ලද ශ්‍රමදාන වැඩසටහන.........

ගරාගොඩ පහල වසමේ ඇළ මාර්ග අවහිරතා ඉවත්කර ක්‍රමවත්ව ජලය බැස යන පරිදි සැකසිමේ ව්‍යාපෘතිය සඳහා යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතීඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2022.01.12 දින සිදු කළ ඒකාබද්ධ ක්ෂේත්‍ර පරික්ෂණය , මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් , ඉඩම් පරිහරණ නිලධාරී, යටියන්තොට ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ,දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් ,ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ,යටියන්තොට සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙහි නිලධාරීන් , යටියන්තොට පොලිසිය , ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන්,වසමේ නිලධාරීන් ,යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසගේ සහභාගීත්වයෙන් මෙසේ සිදුවිය ......

සබරගමුව පළාත් සභාවේ පරිවාස,ළමාරක්ශක හා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ හා ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ ප්‍රතිපාදන මගින් අවශ්‍යතා සහිත වැඩිහිටියන් සදහා ආබාධිත පුනරුත්ථාපන උපකරණ හා වැඩිහිටි සමිති සදහා උපකරණ බෙදාදීම
2022.01.06 වන දින සබරගමුව පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය, යටියන්තොට බුලත්කොහුපිටිය සම්බන්ධීකරණ කමිටුවේ උප සභාපති ශ්‍රීලාල් වික්‍රමසිංහ මැතිතුමා හා යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතිඥ ප්‍රියංගනි පෙතන්ගොඩ මැතිණියගේ ප්‍රධානත්වයෙන්, යටියන්තොට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකරන ලදී.


යටියන්තොට වින්සිරි ක්‍රීඩා සමාජය විසින් වාර්ෂිකව පවත්වන ලද "අංජු-බිංදු අනුස්මරණ පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහන" ගරු ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී 2022-01-08 වන දින පැවැත්විණි.මෙහිදි අඩු ආදායම්ලාභී පාසල් දරුවන් 100 ක් සදහා පාසල් උපකරණ බෙදා දීම සිදුවිය. මේ සඳහා අනුග්‍රහය දැක්වූ යටියන්තොට වින්සිරි ක්‍රීඩා සමාජයට බොහෝම ස්තුතියි.


වේවැල්,පිත්තල, මැට්,ලීබඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ එක් ග්‍රාම නිලධාරී වසමකට එක් ග්‍රාමීය කර්මාන්ත ව්‍යවසායකයෙක් බිහිකිරීමේ වැඩසටහනට සමගාමීව තෝරාගත් ව්‍යවසායකයන් සඳහා උපකරණ බෙදාදීමේ වැඩසටහන 2022.01.06 වන දින සබරගමුව පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය, යටියන්තොට බුලත්කොහුපිටිය සම්බන්ධීකරණ කමිටුවේ උප සභාපති ශ්‍රීලාල් වික්‍රමසිංහ මැතිතුමා හා යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතිඥ ප්‍රියංගනි පෙතන්ගොඩ මැතිණියගේ ප්‍රධානත්වයෙන්, යටියන්තොට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකරන ලදි.
















