![]() |
"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු" "A reliable operator of development" "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"
|
යටියන්තොට ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් හා මග පෙන්වීම් වලට අනුව පවත්වන ලද "කතන්දර කඳවුර" වැඩසටහන 2022.02.24 දින මහවිල රන් කැකුළු පෙර පාසලේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරීතුමිය ,මුල් ළමාවිය සංවර්ධන නිලධාරීතුමිය හා ඵලදායිතා නිලධාරීන් ඇතුළු පිරිසගේ එකමුතුවෙන් මෙසේ සිදුවිය ....

සැමට නෑමට හා බීමට හැකි ජල සම්පතක් ලබාදීම අරමුණු කර ගනිමින් කැළණිවැලි වතු සමාගම මගින් සංවිධානය කළ වී ඔය ආශ්‍රිතව පැල සිටුවීම හා ශුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාව 2022.02.28 දින යටියන්තොට ප්‍රාදේශීය ලේකම්තුමිය ,මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් ,යටියන්තොට ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ,පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන් හා එක්ව පැවැත්විය.මේ සඳහා IUCN ආයතනය දායකත්වය ලබා දෙන ලදී.

කෑගලු දිස්ත්‍රික් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීතුමිය රූපා කීරගල මහත්මිය විසින් ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රදානත්වයෙන් නවක උපාධිධාරීන් වෙනුවෙන් අවදානම් දරුවන් හදුනාගැනීමේ දැනුවත් කිරීමේ වැඩසටහනක් ළමා අංශයේ ප්‍රදානත්වයෙන් 2022.02.21දින පැවැත්වන ලදී....

"සොබා දහම් මාතාව සුරකිමු පණ මෙන් " යන අපුර්වතම සංකල්පය පෙරදැරිව කැළණි ගගේ කැටේ දූපත අසල කුඹුක් පැළ රෝපණ වැඩසටහනක් සහ ශ්‍රමදානයක් 2022/03/01 දින පෙ:ව 9.00 - ප:ව 2.00 දක්වා යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතීඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිණිය, ස්ව ශක්ති සංවිධානයේ සාමාජිකයන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හා කාන්තා ඒකකයේ නිලධාරීන්, සමාජ සේවා නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් ,ආර්ථික සංවර්ධන නිලධාරින් ඇතුළු නිලධාරීන් බොහොමයක් ද කිතුල්ගල පොලිස් ස්ථානාධිපති තුමා ඇතුළු පොලිස් නිලධාරීන් ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ළමා සමාජ දරුවන් , ප්‍රාදේශීය ළමා සභාවේ දරුවන් ,වැඩිහිටි බල මණ්ඩලයේ වැඩිහිටියන් එක්වෙමින් පවත්වන ලදී .මේ සදහා කිතුල්ගල පොලිස් ස්ථානය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා අත්වැල් බැඳ ගන්නා ලදී.





පොහෝ දිනය නිමිත්තෙන් පරුස්සැල්ල වසමේ කැළණිගම බෝධිවර්ධනාරාමයේ කවි බණ වැඩසටහන පැවති අතර "තරු කැට" ළමා සමාජයේ දරුවන් විසින් ඊට සමගාමීව පහන් 200ක් දල්වමින් පහන් පූජාව සිදුකරන ලදී.වසමේ ග්‍රාම නිලධාරී මහතා ,ආර්ථික සංවර්ධන නිලධාරීතුමිය ඇතුළු නිලධාරීන් හා ලක්මිණි කාන්තා සමිතියේ සාමාජිකාවන් ඊට එක්විය.ළමා සමාජය පිහිටුවා දින කිහිපයක් තුළ ක්‍රියාකාරීව කටයුතු කරන දරුවන්ට තුති...🙏
















