"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු"        "A reliable operator of development"    "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"

குடியுரிமை சாசனம்

ඉන්දීය ජනතාව ලාංකීය ජනතාව වෙනුවෙන් ලබා දුන් සහනාධාර යටතේ හාල් 125000kg යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වතු ජනතාව සහ අනෙකුත් සහනාධාරලාභීන් වෙත බෙදා දීම අපහසුතා මැද යටියන්තොට ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනි පෙතන්ගොඩ මැතිනියගේ උපදේශකත්වයෙන් සාර්ථක අයුරින් සිදුවිය. මේ දිනවල රටේ පවතින උග්‍ර ඉන්ධන හිගය පැවතියත් අපේ වසම් 32ක පුරාවටම ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දුන් කැලණිවැළි වතු සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එරන්ද වැලිකල මහතා (පනාවත්ත )ඇතුළු කලාපයේ එම වතු සමාගමේ කළමනාකරුවන් සියලු දෙනාටම බොහෝම පිං සිදු වේවා කෙනකුගේ බඩගින්න නිවන්න ලබා දුන් උපකාරයට. තවද නාගස්තැන්න ජනතා වතු සමාගම, බිබිලිඔයේ ලලන්ත මහතා,යටියන්තොට සමූපකාරය සහ මත්තමගොඩ රිස්මි මහතා ඇතුළු ලොරි රථ ලබා දුන් සැමට නැවතත් ස්තුතිය පුදකරමු. එසේම අප කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු මේ සඳහා උදව් වූ අපේ නිලධාරි සැමට ස්තුතියි

292616448 549229603529544 1174271107209140141 n 292748277 549229396862898 8021738008164788129 n 292882563 549229550196216 6692989893668340252 n 292906054 549229446862893 6213610644931213124 n 292912069 549229493529555 2576987616693152137 n 292949977 549229583529546 6070908617540578638 n

යටියන්තොට ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනි පෙතන්ගොඩ මැතිනියගේ මගපෙන්වීම යටතේ බහුකාර්‍ය් සංවර්ධන සහායකයින් සදහා ආකල්ප වර්ධනය කිරීමේ අරමුණ ඇතිව සිදුකල උපදේශනය හා නායකත්ව පුහුණු වැඩසටහන යටියන්තොට පරුස්සැල්ල වී ඔය ගං ඉවුරේදී පැවැත්විණි.

292602221 549071496878688 2621306350352523048 n 292604528 549071473545357 3349074556662415005 n 292765983 549071396878698 6169121064275909518 n 292780616 549071293545375 5506800989646117087 n 292976086 549071353545369 3889042869862207449 n 292780616 549071293545375 5506800989646117087 n 1

යටියන්තොට ශ්‍රී නන්දරාම විහරස්ථ දායක පින්වතුන් වෙනුවෙන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන් සඳහා වගාවන්ට අවශ්‍ය මඤ්ඤොක්කා දඩු  ලබා දෙන ලදි.

දැනට මඤ්ඤොක්කා පදුරු 6000ක්  මේ මහපොළොවට දයාද කරන ලද අතර තවත් පදුරු 4000ක් සඳහා සියලු කටයුතු සුදනම්ව ඇත....

 

287657254 555745456216793 6572649247352357175 n 288462428 555745232883482 6684864764441024581 n 288699810 555745072883498 693249068529796123 n

යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රජාව ගොවිතැන සඳහා නැඹුරු කිරීමේ වැඩසටහන් යටතේ,2022.07.01 දින යටියන්තොට කබුලුමුල්ල ග්‍රාම නිලධාරි වසමේ ගොමාඩුව ගමේ ගෙවතු වගාවන් සඳහා බීජ ලබාදීම සහ කොරටු නිරික්ෂණය කිරිම පුජ්‍ය පොළොන්නරුවේ සමිත පොඩි හාමුදුරුවන් වහන්සේ සහ ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනි පෙතන්ගොඩ මැතිනිය සහභාගී විය.

291597750 544639383988566 2860150360801371489 n 291648182 544639313988573 9178657820435418569 n 291792611 544639497321888 2918134578909719125 n 291887253 544639263988578 7004560255526354011 n

බත බුලතින් සරු සාරවත් යටියන්තොටක් නිර්මාණය කිරීම උදෙසා යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රජාව ගොවිතැන කෙරෙහි දිරිගැන්වීම උදෙසා අවශ්‍ය බීජ තවාන් කිරීම ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනි පෙතන්ගොඩ මැතිනිය, සහකාර ප්‍රාදේශීය ලේකම් මනෝරි නෙලුන්දෙනිය මැතිනිය සහ කාර්යාලයේ නිලධාරීන් එක්ව කටයුතු කලහ.

289778925 538217407964097 2929184919606789971 n 289800976 538217794630725 5993255105136429976 n 289829576 538217281297443 1370919676837104033 n 

News & Events

குடியுரிமை சாசனம்

Scroll To Top