![]() |
"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු" "A reliable operator of development" "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"
|
"සාහිත්‍ය කලා මහෝත්සවය 2021"ට සමගාමීව අමරදේව හරසර ප්‍රණාම වැඩසටහන හා පුංචි ළමා සිත්තරු තරඟය හා සාහිත්‍ය තරඟ ජයග්‍රාහකයින්හට සහතිකපත් ප්‍රධානෝත්සවය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති,යටියන්තොට සහ බුලත්කොහුපිටිය ගරු සම්බන්ධීකරණ කමිටු සභාපති කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රාජිකා වික්‍රමසිංහ මැතිණියගේ හා යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතීඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිණියගේ ප්‍රධානත්වයෙන් යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අද දින සිදුවිය .
මෙහිදී යටියන්තොට දෙහිඕවිට කලාපයේ සංගීත උපදේශක විශාරද සුමිත් ජයසූරිය මහතා ඇතුළු පිරිස අමරදේව හරසර ප්‍රණාම රසවින්දන වැඩසටහන සඳහා දායකත්වය ලබා දෙන ලදී. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා
පළාත් සංස්කෘතික අමාත්‍යාංශය මේ සඳහා අනුග්‍රහය දක්වන ලදී.
මෙම වැඩසටහන සඳහා යටියන්තොට සංස්කෘතික නිලධාරීතුමිය හා යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිස සහභාගී විය.





පුණ්‍ය ග්‍රාම වැඩසටහන යටතේ බෝ නොවන රෝග පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින ගල්පාත ගල්පාත ශ්‍රි සුමංගලාරාම විහාරස්ථානයේදි සිදුකරන ලදී...
මෙම වැඩසටහන යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතීඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර මල්වත්ත ආයුර්වේද රෝහලේ වෛද්‍ය අමිල ද සිල්වා මහතා ඇතුළු කාර්ය මණ්ඩලය මේ සඳහා සම්පත් දායකත්වය ලබාදෙන ලදී...මේ සඳහා ගල්පාත ශ්‍රි සුමංගලාරාම විහාරාධිපති කෑගල්ල මහින්දෝදය මහා පරිවේණාධිපති,ශාස්ත්‍රවේදී පූජ්‍ය හාතාගොඩ ධම්මරතන හිමි, යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරීන් ඇතුළු පිරිස සහභාගී විය.


සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන ලද ගෘහ ඒකක ලක්ෂ 02 ක් සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ හඳුනාගත් සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා අලෙවිසැල් පවත්වාගෙන යාම සඳහා ගෑස් ලිප් ලබාදීම 2021.11.25 දින කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති, යටියන්තොට සහ බුලත්කොහුපිටිය ගරු සම්බන්ධීකරණ කමිටු සභාපති කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ මැතිණිය හා යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතීඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිණියගේ ප්‍රධානත්වයෙන් යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකරන ලද අතර කබුළුමුල්ල,කිතුල්ගල උතුර,තැලිගම,හක්බෙල්ලාවක,දුනුකේදෙනිය වසම්වල සමෘද්ධිලාභින් මේ සඳහා සහභාගී විය.

සබරගමුව පළාත් ගරු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මැතිතුමා විසින් ප්‍රධානය කරන ලද ඔරු අඟුල් ලබාදීමේ වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති, යටියන්තොට සහ බුලත්කොහුපිටිය ගරු සම්බන්ධීකරණ කමිටු සභාපති කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ මැතිණිය හා යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතීඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2021.11.25 දින යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකරන ලද අයුරු...

යටියන්තොට ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය මගින් සංවිධානය කරන ලද දෙටුවර අභිමන් ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරුමට සමගාමීව යටියන්තොට කොට්ඨාශයේ ග්‍රාමීය වැඩිහිටි කමිටුවල අඩු ආදායම්ලාභි පුද්ගලයන් 32 ක් සඳහා වියළි ආහාර මළු ලබා දීම හා ආබාධිත පුද්ගලයකු සඳහා කොමඩ් කට්ටලයක් ලබාදීම 2021.11.25 දින යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.
මෙම මහඟු කටයුත්ත කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති, යටියන්තොට සහ බුලත්කොහුපිටිය ගරු සම්බන්ධීකරණ කමිටු සභාපති කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ මැතිණිය හා යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතීඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලද අතර මේ සදහා සබරගමුව පළාත් සමාජසේවා දෙපාර්තමේන්තුව මූල්‍ය දායකත්වය දරන ලදී.
















