![]() |
"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු" "A reliable operator of development" "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"
|
"දල්ලෙන් දළුලන රටක් - තේ ගම්මාන 500ක් "ජාතික වැඩසටහන
කුඩා තේ වතු හිමියන්ගේ ආර්ථිකය සවිබක ගැන්වීමේ අරමුණින් ක්‍රියාත්මක "දල්ලෙන් දළුලන රටක් - තේ ගම්මාන 500ක් " ජාතික වැඩසටහනට සමගාමීව යටියන්තොට කොට්ඨාසයේ සීපෝත් හා මහබාගේ වසම් තේ ගොවි ගම්මාන ලෙස නම් කර වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එහි පළමු අදියර ලෙස "සීපෝත් තේ ගොවි ගම්මානය" පිහිටුවීම පසුගියදා ( 16) කෑගල්ල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී යටියන්තොට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ආචාර්ය නන්දන මිල්ලගල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.
සීපෝත් විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් ඇරඹි මෙම වැඩසටහන සඳහා යටියන්තොට ප්‍රාදේශීය සභාවේ ගරු මන්ත්‍රීවරුන්, යටියන්තොට ප්‍රාදේශීය ලේකම් ඩී අනෝමා දිසානායක මැතිණිය, තේ ව්‍යාප්ති පර්යේෂණ නිලධාරී, සීපෝත් වසමේ ග්‍රාම නිලධාරීතුමිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්, සීපෝත් තේ සමිතියේ සාමාජිකයින් ඇතුළු ගම්වාසීන් විශාල පිරිසක් සම්බන්ධ වූහ.
"සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්"
රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීම අරමුණු කරගනිමින්, "සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" ජාතික වැඩසටහනට සමගාමීව පැවැත්වෙන "ජාතික සුපිළිපන් සතිය" වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දීමේ විශේෂ වැඩසටහන, ප්‍රාදේශීය ලේකම් ඩී. අනෝමා දිසානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 27 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී උත්සවාකාරයෙන් පැවැත්විණි.
? සහභාගී වූ විශේෂ අමුත්තන්
මෙම අවස්ථාව සඳහා පහත සඳහන් ප්‍රධාන පරිපාලන නිලධාරීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් එක්ව සිටියහ:
සහකාර ප්‍රාදේශීය ලේකම්
පරිපාලන නිලධාරී
පරිපාලන ග්‍රාම නිලධාරී
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ සමස්ත කාර්ය මණ්ඩලය

ආපදා කඳවුරු කළමනාකරණය පිළිබඳ නිලධාරීන් සඳහා බැහැරගත පුහුණු වැඩසටහනක්
යටියන්තොට ප්‍රාදේශීය ලේකම් ඩී. අනෝමා දිසානායක මහත්මියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් නදීශානි කේ. වේරගල මහත්මියගේ මඟපෙන්වීම යටතේ, පුහුණු අංශය විසින් සංවිධානය කරන ලද “ආපදා කඳවුරු කළමනාකරණය පිළිබඳ බැහැරගත පුහුණු වැඩසටහන” (17 වන දින) සීපෝත්, නාගස්තැන්න සහ සෝත්තුවත්ත ප්‍රදේශ ආශ්‍රිතව පවත්වන ලදී.
හිටපු බාලදක්ෂ දිස්ත්‍රික් කොමසාරිස් පී. එස්. ගෞතමදාස මහතා සහ දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරී චන්න ජයවර්ධන මහතා විසින් මෙම වැඩසටහන සඳහා අවශ්‍ය සම්පත් දායකත්වය ලබා දෙන ලදී.
හදිසි ආපදා තත්ත්වයන්හිදී කඳවුරු කළමනාකරණය සිදු කිරීම පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන ලදී. කූඩාරම් සකස් කිරීමේදී අවධානය යොමු කළ යුතු කරුණු, අවම පහසුකම් යටතේ ආහාර පිළියෙළ කිරීම සහ ඒ හා සම්බන්ධ අනෙකුත් කාර්යයන් පිළිබඳව ද නිලධාරීන් දැනුවත් කරන ලදී.
සහකාර ප්‍රාදේශීය ලේකම් නදීශානි කේ. වේරගල මහත්මිය, පරිපාලන නිලධාරී ජී. කේ. පී. එස්. කුමාර මහතා, ග්‍රාම නිලධාරීන්, ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරීන් සහ ක්ෂේත්‍ර නිලධාරීන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම වැඩසටහන සඳහා සහභාගී වූහ.
පුහුණු අංශයේ සංවර්ධන නිලධාරී ඩිලාන් ජයලත් මහතා ඇතුළු නිලධාරීන් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
මෙම වැඩසටහන සාර්ථකව පැවැත්වීම සඳහා වටිනා සහයෝගයක් ලබා දුන් සීපෝත් විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ, නාගස්තැන්න වතු අධිකාරීතුමන් සහ එහි කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාට අපගේ අවංක හා ගෞරවනීය ස්තූතිය පුද කර සිටිමු.























