![]() |
"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු" "A reliable operator of development" "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"
|
මී මැසි පාලනය ..මී පැණි තරම් රසවත් නෑ.ඒ වුනාට නවසීලන්තය වගේ රටවල් මේ කර්මාන්තය පිළිබඳව අවධානය යොමු කරල එම කර්මාන්තයෙන් සෑහෙන තරම් ආදායම් උපයනව.මේ කර්මාන්තයට නවීන ක්‍රම භාවිත කරල ටිකක් වැඩිපුර මහන්සි වුනොත් අපටත් හොඳ ආදායමක් උපයන්න බැරි කමක් නෑ...මේ අදහස ඇතිව කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අපි යටියන්තොට ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශක ප්‍රදීප් සමරනායක මහත්මයත් , කෘෂිකර්ම උපදේශක මහත්මියත් එක්ක එකතු වෙලා ඒ අයගේ දැනුමත්, අත්දෑකීමත් යොදවල කිරිකොහුතැන්න වසමේ ග්‍රාම නිළධාරී ප්‍රධාන සියලු නිළධාරීන්ගේ උදව්වෙන් තව අවුරුදු හතඅටකින් හෝ මී පැණි නිෂ්පාදන ගම්මානයක් ගොඩනඟා ගනිමුයි කියන ප්‍රාර්ථනය ඇතිව අද දවසේ කිරිකොහුතැන්න ගමේදී ව්‍යාපාරික මී මැසි පාලනය පිළිබඳව පුහුණු වැඩසටහනක් කලා.නවසීලන්තයේ ගොවිබිමක සේයාරුව කිරිකොහුතැන්න ගමේදී හැබෑවට දකින එක අපේ හීනයක්.හීන වෙනුවෙන් වැඩ කරන එක, වෙහෙසෙන එක කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අපිට නුහුරු දෙයක් නෙවෙයි.හීනය දිගේ යන ගමනට කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය වගේම යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුළු සහෝදර නිළධාරීන්ගේ සහායත් දැවැන්ත හයියක්.ඒ හයියට අපි හැමදාමත් .....


කබුලුමුල්ල ළමා මිතුරු පාසලේ දී ගරාගොඩ මුස්ලිම් විද්‍යාලය , සිංහල විද්‍යාලය දූ දරුවන් වෙනුවෙන් ළමා අපචාර සහ මත්ද්‍රව්‍ය භාවිතය යන මාතෘකා ඔස්සේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතිඥ ප්‍රියංගනී පෙතංගොඩ මැතිණිය සහ අවිස්සාවේල්ල සීතාවක පුර පොලිස් කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි හේරත් මැතිතුමන්ගේ සහභාගිත්වයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් දෙකක් පැවැත්විණි. කබුලුමුල්ල මහ විද්‍යාලයේ දී රුපියල් තිස් පන්දාහක් පමණ වටිනා පුස්තකාල පොත් පරිත්‍යාගයක්ද ප්‍රාදේශීය ලේකම්තුමිය අතින් විදුහල්පති තුමා වෙත ප්‍රධානය කරන ලදී. සහය දුන් ක්ෂේත්‍ර නිලධාරීන්ට , ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට , පාසල් දෙකේ විදුහල්පතිවරුන් සහ ගුරුභවතුන්ට අපගේ ප්‍රණාමය පුද කරමු.


"ගමේ අපි ගමේ සංවර් ධනයට"
-----------------------------------------------------------
කබුළුමුල්ල වසමේ "සිරිකදු" කාන්තා සමිතිය මගින් පවත්වන ලද ගැමිදිරිය පොළ 2022.10.11වන දින ගල්පාත හංදියේදී පැවැත්විණි. මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට සහයෝගය ලබා දුන් ප්‍රදේශීය ලේකම්තුමිය හා සහකාර ප්‍රදේශීය ලේකම්තුමිය ඇතුළු වසමේ සියළු නිලධාරින් හා වනිතා කටයුතු ඒකකයේ නිලධාරින් ඇතුළු ගම් වාසීන් සියළු දෙනාටම ස්තූතිය පුද කරමි.

"වෙනස් වන ලොවක සවිමත් වැඩිහිටියෙක්"
ලෝක වැඩිහිටි දිනයට සමගාමීව යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමීය වැඩිහිටි සංවිධානයක් වන ඉහල ගරාගොඩ වාසනා වැඩිහිටි සමිතියේ වැඩිහිටි දින උත්සවය ප්‍රාදේශීය ලේකම්තුමියගේ මුලිකත්වයෙන් 2022.10.11 දින ගරාගොඩ දී පැවැත්විණි. මීට අමතරව ප්‍රදේශයේ වැඩිහිටි මාතාවන් දෙදනෙකුට උපහාර පිදීමක් ද සිදුවිය.
311590153 614754583643712 7960875454888596232 n 311597033 614754540310383 4797899331722131159 n 311611901 614754613643709 5283918405693839579 n 311613221 614754423643728 5817080253804327934 n 311613826 614754470310390 7203813002932762335 n 311635039 614754656977038 3311401998043102809 n
"සුඛෝ බුද්ධානං උප්පාදෝ"
බුදුවරුන්ගේ ලොව පහල වීම සැපතකි...
යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ අභිනවයෙන් ඉදිකෙරුණු බුද්ධ මණ්දිරය 2022.10.05 පෙ.ව .08.59ට යෙදුණු සුබ මොහොතින් සසුනට පූජා කිරීම යටියන්තොට ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති මාහිමිපාණන් ප්‍රධාන මහ සංඝරත්නයේ සහ ප්‍රාදේශීය ලේකම් තුමිය ප්‍රධාන තත් කාර්යාල නිලධාරින් සහ කොට්ඨාසයේ සහොදර රාජ්‍ය ආයතන ප්‍රධානින්, යටියන්තොට ප්‍රාදේශීය දේශපාලන නායකයින්, ආධාර ලබා දුන් පරිත්‍යාගශිලීන් ඇතුළු සැදැහැවතුන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණි. එසේම දහවල් සාංඝික දානමය පිංකමක් ද මහ සංඝරත්නය විශයෙහි පවත්වන ලදි. තවද මෙම සම්බුද්ධ මංදිරයේ බුද්ධ ප්‍රථිමාව පූජා කරන ලද්දේ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සොභිත නාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය පුත්‍ර ඇඹිලිපිටියේ ගුණසිරි හිමියන් ප්‍රධාන තත් ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා වන අතර උන්වහන්සේලා ප්‍රධාන ආධාර කල, දැක සාධු කියා වචනයෙන් හරි උදව් කල සැමට නිවනේ රන් දොරටු විවර වේවා....!!!!

















