![]() |
"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු" "A reliable operator of development" "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"
|
2022/05/25 දින පෙ:ව 9.30 -ප:ව 02.45 දක්වා හෝඩියට විවරණයක් කැපකරු මාපිය ශිෂ්‍යත්ව ප්‍රතිලාභි දරුවන් තිස් දෙදෙනා ( 32 ) වෙනුවෙන් යටියන්තොට ප්‍රාදේශීය ලේකම්තුමිය වන නීතිඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිණියගේ ප්‍රධානත්වයෙන් ප්‍රගති සමාලෝචන රැස්වීමක් සහ යටියන්තොට උපදේශණ නිලධාරීතුමිය වන අචිනි ධාරා මහත්මියගේ සම්පත් දායකත්වයෙන් ආතති කළමනාකරණය සහ චිත්‍ර ප්‍රතිකාර වැඩසටහනක් ඉතා සාර්ථක අයුරින් පවත්වන ලදී .
2022/04/17 වන දින වැලිහෙලතැන්න ග්‍රාම සේවා වසමේ " පුංචි අපේ බක්මහ උලෙළ " ගරු ප්‍රාදේශීය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් මුගුනුවල ක්‍රිඩාංගනයේ දි පෙර පාසල් දරුවන් , ප්‍රාදේශීය ළමා සභා දරුවන් හා වැලිහෙලතැන්න දිලෙන තරු ළමා සමාජ දරුවන් කේන්ද්‍ර කර ගනිමින් අලුත් අවුරුදු චාරිත්‍ර සිදු කරමින් ජනසංස්කෘතිය පහදා දෙමින් නැවුම් විනෝද ජනක අයුරින් පවත්වන ලදී .මෙහි සංවිධානය කටයුතු වසමේ ග්‍රාම නිලධාරී මහතා ගේ මූලිකත්වයෙන් වසමේ රාජ්‍යය නිලධාරීන් ,ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ළමා අංශයේ නිලධාරීන් ,වසමේ ස්වෙච්ඡා සංවිධාන, අත්වැල් බැද ගනිමින් අලුත් අවුරුදු උත්සවය සාර්ථක ලෙස නිමාවට පත්වීය.

යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාමසාන් සැමරුම් වැඩසටහන යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතීඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2022.04.25 දින පවත්වන ලදී.මෙහිදී රාමසාන් සමයේදී සිදුකරනු ලබන වත් පිලිවෙත් පිලිබඳ දේශනයක් ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්ය M.F.M.හුස්නි මහතා විසින් සිදුකරන ලදී.මීට අමතරව අඩු ආදායම්ලාභී මුස්ලිම් දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ කට්ටල බෙදාදීමද සිදුවූ අතර ඒ සඳහා විවිධ ව්‍යාපාර භවතුන් මූල්‍යාධාර ලබා දෙන ලදී.යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරීතුමිය,වැවිලි ප්‍රජා නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් මේ සඳහා සහභාගී විය.

















