![]() |
"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු" "A reliable operator of development" "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"
|
කාන්තා සෞඛ්‍ය ගැටලු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්
යටියන්තොට ප්‍රාදේශීය ලේකම් ඩී. අනෝමා දිසානායක මහත්මියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් නදීශානි කේ. වේරගල මහත්මියගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කරන ලද කාන්තා සෞඛ්‍ය ගැටලු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (17 වන දින) යටියන්තොට ශ්‍රී නන්දාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.
මෙම වැඩසටහන සඳහා ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී මහීෂා සේනාරත්න මහත්මිය සම්පත් දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන වනිතා සංවර්ධන නිලධාරිනිය සහ ආයුර්වේද සංවර්ධන නිලධාරිනිය විසින් ඒකාබද්ධව සංවිධානය කරන ලදී.
යටියන්තොට ප්‍රාදේශීය ලේකම් ඩී. අනෝමා දිසානායක මහත්මියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් නදීෂානි කේ. වීරගල මහත්මියගේ මඟපෙන්වීම යටතේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික කටයුතු අංශය, සමාජ සේවා අංශය සහ 'සවිය ස්වශක්ති' සංවිධානය එක්ව පොසොන් පුර පසළොස්වක පොහොය දිනයට සමගාමීව "භක්ති ගීත ප්‍රසංගයක්" සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන අද (08) දින යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී සාර්ථකව පවත්වන ලදී.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ 'සවිය ස්වශක්ති' සංවිධානයේ සාමාජිකයින් විසින් ඉදිරිපත් කරන ලද භක්ති ගීත මෙම වැඩසටහනට ඇතුළත් විය. සහභාගිවන්නන් අතර භක්තිය, සහජීවනය සහ එකමුතුකම ප්‍රවර්ධනය කරන අතරම, පොසොන් පොහොයේ ආධ්‍යාත්මික වැදගත්කම සිහිපත් කිරීමට මෙය අර්ථවත් අවස්ථාවක් විය.
මෙම වැඩසටහන සාර්ථකව සංවිධානය කිරීම සඳහා දායක වූ සියලුම නිලධාරීන්ට, සංවිධායකයින්ට, සහභාගිවන්නන්ට සහ අනෙකුත් සියලුම දෙනාට අපගේ අවංක කෘතඥතාව පළ කරමු.

දෙදහස් පන්සිය හැත්තෑවන වෛශාඛ්‍ය මංගල්‍යය වෙනුවෙන් යටියන්තොට ප්‍රාදේශීය ලේකම් ඩී අනෝමා දිසානායක මැතිණිය , සහකාර ප්‍රාදේශීය ලේකම් නදීශානි කේ වේරගල මැතිණිය ,පරිපාලන නිලධාරීතුමා සහ පරිපාලන ග්‍රාම නිලධාරීතුමන්ගේ මගපෙන්වීමෙන් බෞද්ධ කටයුතු හා සංස්කෘතික අංශය සහෝදර නිලධාරීන් සමග එක්ව වෙසක් සතිය මුල්කරගනිමින් යටියන්තොට කොට්ඨාසය තුළ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනු ලැබේ.
ඒ අනුව 2026.05.27 දින යටියන්තොට සිරි ධම්මජෝති පෙර පාසලේ දරුවන් සිල් සමාදන් කරවීම සිදුකරන ලදී. එමෙන්ම එහි විශේෂ වැඩසටහනක් ලෙස කාර්‍යාලයීය නිලධාරීන්ගේ සීල සමාදාන වැඩසටහනක් 2026.05.29 කාර්‍යාලයීය ශ්‍රවණාගාරයේදී සිදුකරන ලදී.
* සිල් සමාදන් කරවීම - යටියන්තොට නන්දාරාම විහාරාධිකාරී පූජ්‍ය පොළොන්නරුවේ සමිත ස්වාමීන් වහන්සේ
* භාවනා වැඩසටහන - පූජ්‍ය කැප්පෙටිපොළ විමලතිස්ස ස්වාමීන් වහන්සේ
* කාව්‍යමය ධර්ම දේශනය - සමථ නිලධාරී ජයන්ත මයා
*ධර්ම සාකච්ජාව - පූජ්‍ය පොළොන්නරුවේ සමිත ස්වාමීන් වහන්සේ /ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරී සමන් මයා සහ සාලින්ද මයා.
*ධර්ම දේශනය - පූජ්‍ය විල්ගමුවේ රතනසාර ස්වාමීන් වහන්සේ
එමෙන්ම මීට සමගාමීව කාර්‍යාල පරිශ්‍රය අලංකාරවත් සැරසිලි යොදාගනිමින් ආලෝකමත් කිරීම ද කාර්‍යාල නිලධාරීන් විසින් සිදුකරන ලදී.

ලෝක පරිසර දිනයට සමගාමීව රුක් රෝපණ හා ශ්‍රමදාන වැඩසටහනක්
යටියන්තොට ප්‍රාදේශීය ලේකම් ඩී. අනෝමා දිසානායක මහත්මියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් නදීශානි කේ. වේරගල මහත්මියගේ මඟපෙන්වීම යටතේ, ලෝක පරිසර දිනයට සමගාමීව රුක් රෝපණ හා ශ්‍රමදාන වැඩසටහනක් අද (05) දින යටියන්තොට කඳුකැලේ ප්‍රදේශයේ යෝජිත ජාත්‍යන්තර බෞද්ධ හරිත නගරය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලදී.
මෙම වැඩසටහන සඳහා යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහභාගි වූ අතර, පූජ්‍ය පොළොන්නරුවේ සමිත හිමියන් ඇතුළු සම්භාවනීය පිරිසක් ද එක්විය.
වැඩසටහනේදී පරිසර සංරක්ෂණය හා ජෛව විවිධත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පරිසර හිතකාමී වටිනා ශාක පැළ රැසක් රෝපණය කරන ලද අතර, පරිසරය පිරිසිදුව හා සුරක්ෂිතව පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.
මෙවැනි වැඩසටහන් තුළින් හරිත පරිසරයක් ගොඩනැගීම, පරිසර සංරක්ෂණය පිළිබඳ ජනතාවගේ දැනුවත්භාවය ඉහළ නැංවීම සහ අනාගත පරපුර වෙනුවෙන් සෞඛ්‍ය සම්පන්න පරිසරයක් උරුම කර දීම සඳහා වැදගත් දායකත්වයක් ලබාදෙන බව මෙහිදී අවධාරණය කෙරිණි.

ප්‍රාදේශීය ලේකම් ඩී අනෝමා දිසානායක මැතිණියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් නදීශානි කේ වේරගල මැතිණියගේ උපදෙස් හා මගපෙන්වීමෙන් වෙසක් දිනයට සමගාමීව සවිය කුසලතා සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන්ගේ සීල සමාදාන වැඩසටහන 2026.05.19 දින යටියන්තොට නන්දාරාම විහාරස්ථානයේදී පවත්වන ලදි.




















