![]() |
"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු" "A reliable operator of development" "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"
|
යටියන්තොට අපේ පංසලේ මීපිටිකන්ද සහ හාමන්ද දායක ගම්වල දායක පින්වතුන්ට ගෙවතු වගාවන් ආරම්භ කිරීම සඳහා බීජ ලබාදීමට කටයුතු කරන ලදි. මේ සදහා අනුශාසකත්වය පූජ්‍ය බොස්සැල්ලේ ධම්මාවාස මාහිමිපාණන් වහන්සේ, ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනි පෙතන්ගොඩ මැතිනිය.

යටියන්තොට ගොමාඩුව ගමේ ප්‍රසන්න මහතාගේ නිවසේ ගෙවත්ත වගා භූමියක් බවට පෙරලමින්.....

ගෙවතු වගා පිළිබඳව සහ ආහාර සංරක්ෂණය කිරීම දැනුවත් කිරීම යටියන්තොට ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනි පෙතන්ගොඩ, සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක නිලන්ති විජේසිංහ මැතිනියන්ලාගේ සහ තුන්කෝරළ සණස සංගමයේ සාමාන්‍යාධිකාරී සිරි ගමගේ මැතිතුමගේ ප්‍රධානත්වයෙන් යටියන්තොට ශ්‍රී නන්දරාම විහරස්ථානයේ දී පැවැත්විණි.
මේ සඳහා යටියන්තොට සණස සමිතිවල සාමාජිකයන් 80 දෙනකු සහභාගී වූ අතර ඔවුන්ට ගෙවතු වගාවන් සහ ආහාර සංරක්ෂණය පිළිබඳව දැනුවත් කිරීම කරන ලද්දේ කලාපීය කෘෂිකර්ම උපදේශක නිලධාරීන් විසිනි.

යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයේ අඩු ආදායම් පවුල් 100 ක් වෙනුවෙන් වියලි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම ඇඹිලිපිටිය ශ්‍රී බොධිරාජ පදනමේ නිර්මාතෘ පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ පූර්ණ අනුශාසකත්වයෙන් සහ සිංගප්පූරුවේ බොධිරාජ බෞද්ධ මධ්‍යස්ථානාධිකාරි ඇඹිලිපිටියේ ගුණසිරි හිමි සහ විජෙරියේ විමල හිමිවරුන්ගේ මැදිහත්වීමෙන් සිංගප්පූරුවේ බෞද්ධ පිංවතුන්ගේ දායකත්වයෙන් යටියන්තොට ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනි පෙතන්ගොඩ මහත්මියගේ ප්‍රධානත්වයෙන් කාර්‍යලීය ශ්‍රවණාගාරයේ දී 2022.06.10 පැවැත්විණි

පරුස්සැල්ල ග්‍රාම නිලධාරි වසමේ "සාරවත් යටියන්තොටක් " වගා සංග්‍රාමය ආරම්භ කිරීමේ මූලික සාකච්ජාව පරුස්සැල්ල ශ්‍රී සුනන්දාරාමයේදි 2022.05.27 දින පූජ්‍ය ගරාගොඩ විජිතධම්ම හිමියන්,පූජ්‍ය පොළොන්නරුවේ සමිත හිමියන් හා ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් සහ ග්‍රාම නිලධාරි වසමේ බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.














