"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු"        "A reliable operator of development"    "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"

යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිරිය ව්‍යවසායකයින්ගේ නිර්මාණශීලීත්වයෙන් හැඩවුණු ප්‍රදර්ශනය සහ අලෙවි පොළ 2022 මාර්තු 28 වන දින කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි. ප්‍රාදේශීය ලේකම් තුමියගේ අධීක්ෂණය යටතේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් සාර්ථකව මෙම වැඩසටහන සංවිධානය කරන ලදී

277443879 481687980283707 8088428316950785385 n 277538757 481688643616974 175850443849897940 n 277559406 481688550283650 4997120792446565675 n 277562080 481688563616982 1205456225169573922 n 277668958 481688590283646 907656136078296091 n

පුණ්‍ය ග්‍රාම වැඩසටහන යටතේ යටියන්තොට ප්‍ර්‍රාදේශීය ලේකම් කාර්‍යාලය මඟින් සංවිධානය කරනු ලැබූ මා පිය සම්භාවනා වැඩසටහනක් ගල්පාත ශ්‍රී සුමංගලාරාම දහම් පාසල මූලික කරගෙන පවත්වන ලදී.. මෙම මා පිය සම්භාවනා වැඩසටහන මෙහෙයවනු ලැබුවේ හෝමාගම බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂක කාව්‍ය විශාරද කාව්‍ය ශ්‍රී නවගත්තේගම සිරි සුගත හිමිපාණන් විසිනි. මෙම අවස්ථාවට යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතිඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිණියගේ, යටියන්තොට ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයලත් මැතිතුමා, රුවන්වැල්ල පොලිස් ස්ථානාධිපති තුමා , විහාරස්ථ කාර්‍ය සාධක සමිතියේ නිලධාරීන්, දායක සභාවේ පින්වතුන් , සුමංගලාරාම දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය දූ දරුවන් සහ දෙමාපියන් සහභාගී වූහ.

276323472 478878107231361 7820030809969224614 n 277296104 478878480564657 7265416813054223646 n 277300883 478878557231316 6058731081588341216 n 277309960 478878537231318 1461268575172358251 n 277344998 478878513897987 2748342107587506720 n

යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරන්නට යෙදුන අන්තර් ආයතනික සුහඳ ක්‍රිකට් තරඟාවලිය 2022 මාර්තු 17 දින යටියන්තොට වින්සන්ට් පෙරේරා ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. මෙහිදී තරග වැදුනු කණ්ඩායම් අතර රාජ්‍ය ආයතන සහ පුද්ගලික ආයතන කිහිපයක් විය. මෙම සුහඳ ක්‍රිකට් තරගාවලියේ සූරතාවය යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාල කණ්ඩායමද අනුශූරතාවය යටියන්තොට ප්‍රාදේශීය සභා කණ්ඩායම් දිනා ගන්නා ලදී. අනිත් සෙසු කණ්ඩායම්ද පිත්තත් පන්දුවත් අතර දෝලනය වෙන සොඳුරු ක්‍රිකට් තරගාවලියක අත්දැකීම් විද ගනිමින් සුහදතාව ඉතුරු කෙරු අපූර්වතම තරගාවලිය එසේ නිමාවට පත්විය.
විශේෂ ස්තුතිය යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතිඥ ප්‍රියංගනි පෙතන්ගොඩ මැතිනියට, යටියන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.ඩ් වසන්ත මැතිතුමාට,කැලණිවැළි වතු සමාගමේ පනාවත්ත,වී ඔය, ගනේපල්ල,කැලණි යන වතුවල වතු අධිකාරිවරුන් ඇතුළු සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සැමට,කිතුල්ගල රෝහල් කණ්ඩායම, කිතුල්ගල සමුර්දි බැංකු කණ්ඩායම, යටියන්තොට ප්‍රාදේශීය සභා කණ්ඩායම සහ යටියන්තොට ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාල කණ්ඩායම් වල සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සැමට. තරඟාවලියේ ජීව ගුණය රැක දුන් විනිසුරු දෙපල වන නිශාන්ත, අකලංක සහ ලකුණු සටහන් ක‍රමින්, නිවේදන කටයුතු කල ගාමිණි සහ විරාජ් සොයුරන් හටද, හදිසි අවස්ථාවේ විදුලිජනක යන්ත්‍රය සැපයූ ගොමාඩුව නෙත්මි හයරින් දීපාල් මහතා ඇතුළු නන් අයුරින් උදව් කල සැමට අපේ හදපිරි ස්තුතිය.

276174518 475003017618870 3437931187884487907 n 276310690 475003477618824 3343961512399230103 n 276027692 475003494285489 919429586721301907 n276166710 475003437618828 7437710118451145103 n 276056980 475003460952159 1592044959574954621 n 276157608 475003360952169 4556027961228997354 n

යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතිඥ ප්‍රියංගනි පෙතන්ගොඩ මැතිනියගේ උපදේශකත්වයෙන් කාර්යාලයේ සමාජ සේවා අංශය මඟින් සංවිධානය කරන ලද
මත්තමගොඩ වාසනා වැඩිහිටි සමිති සාමාජිකයින් සදහා "වැඩිහිටි දිවිය හා අපේ සතුට වැඩසටහන" හා "සමථකරනය" පිලිබද දැනුවත් කිරීම 2022.03.18 දින මත්තමගොඩ ශ්‍රී වාලුකාරාම විහාරස්ථානයේ දී සිදු කරන ලදි

.276108142 475411550911350 2270595505448142002 n 276109183 475411607578011 1204993615454490687 n 276132056 475411330911372 1935564941159945449 n 276169296 475411574244681 7165796805634103411 n

යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආගමික සිද්ධස්ථාන පොලිතින්,ප්ලාස්ටික් වලින් තොර පුදබිම් බවට පත් කිරීමේ අපේක්ෂාවෙන් සහ දේශීය අත්කම් නිර්මාණ ප්‍රචලිත කිරීමේ අරමුණින් 2022/03/12වන දින සමාරම්භක පුහුණු වැඩසටහන ගල්පාත ශ්‍රී සුමංගලාරාම දහම් පාසලේ දරු දැරියන් හා ගුරු භවතුන් වෙනුවෙන් පැවැත්විණි.මේ සදහා පුර්ණ උපදේශකත්වය යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතිඥ ප්‍රියංගනි පෙතන්ගොඩ මැතිණිය අතින් සිදු වූ අතර පූජ්‍ය පොළොන්නරුවේ සමිත හිමි , බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරි දෙපල ඇතුළු වසමේ රාජ්‍ය නිලධාරි සියලුදෙනාගේ පුර්ණ සහයෝගය මේ සඳහා ලැබුණි.

275644618 471680607951111 4829981730809563007 n 275805326 471681044617734 6810688967819003123 n

275769226 471681024617736 8172360182128748605 n 275730669 471680687951103 1404836752774544651 n 

News & Events

Scroll To Top