"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු"        "A reliable operator of development"    "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"
"සිනහ දකින අපේ ලොවක්" යන තේමාව පාදක කර ගනිමින් 2022.10.01 වන දින පෙ.ව 9.30 - ප.ව 2.00 දක්වා කෑ/දෙහි/ දොඹේපොල කණිෂ්ඨ විද්‍යාලයේ දී දරුවන් 165ක් ඉලක්ක කර ගනිමින් කෑ/දෙහි/ ගගසිරිකුමර විද්‍යාලය හා ඒකාබද්ධව අපේ දරුවන් වෙනුවෙන් ලෝක ළමා දින වැඩසටහන උත්කර්ෂවත් අයුරින් සැමරූ වගයි.
භූගෝලීය වශයෙන් අතිදුෂ්කර,දැඩි ආර්ථික දුෂ්කරතා සහිත දිළිදු පවුල්වල පුංචි මල් කැකුළු විකසිත කරන්නට නවමු වැඩසටහන් පෙළක් එහිදී ගෙන එන ලදී.
       පළමු අදියර ලෙස ලෝක ළමා දින වැඩසටහනේ සමාරම්භක උත්සවය මනරම් අයුරින් ඇරඹීය.එහිදී දෙඹේපොල විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ,යටියන්තොට ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ විහාරවාසී පොලොන්නරුවේ සමිත ස්වාමීන් වහන්සේ,යටියන්තොට ප්‍රාදේශීය ලේකම්තුමිය වන නීතීඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මහත්මිය ,සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය වන මනෝරි නෙලුන්දෙණිය මෙනවිය ඇතුලු කාර්ය මණ්ඩලය,සීතාවකපුර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ අංශයේ ස්ථානාධිපති ධර්මා නිරෝශනී මහත්මිය,යටියන්තොට පොලිස් ස්ථානය නියෝජනය කරමින් ප්‍රජා පොලිස් නිලධාරීතුමා,අරලිය පොකුර විදුහල්පති සංසදයේ විදුහල්පතිවරුන්,ගුරුවරුන්,දරුවන් හා දෙමව්පියන් ළමා දින වැඩසටහන සමග අත්වැල් බැදගන්නා ලදී.
එමෙන්ම 1-5 වසරවල දරුවන් වෙනුවෙන් යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ළමා අංශයේ නිලධාරීන් ගී ගයමින්,නටමින් දරුවන් සමග ඉතා සතුටින් කාලය ගත කරන ලදී.
           6-11 වසරවල දරුවන් වෙනුවෙන් යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ නිලධාරීන් විසින් නායකත්ව පුහුණු වැඩමුළුවක් පැවැත්විය.
           ඉන් අනතුරුව එම දරුවන් වෙනුවෙන් ම යටියන්තොට පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස්  නිලධාරිතුමන් විසින් සුවිශේෂී දැනුවත් කිරීමක් ද සිදු කරන ලදී.
           දෙමව්පියන් වෙනුවෙන් ද ඉතා සුවිශේෂී දේශනයක් යටියන්තොට ප්‍රාදේශීය ලේකම්තුමිය වන නීතීඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මහත්මිය සිදු කරන ලද අතර එහිදී දරුවෙකු කුඩා කළ සිට තම ජීවන දුෂ්කරතා ,අභියෝග ලෙස දකිමින් දරුවන් ශක්තිමත් කල යුතු ආකාරය පිලිබද කාලෝචිත උදාහරණය සමගින් අරුත්බර දිග හැරුමක් ගෙන එන ලදී.ඉන්පසු තම ජීවන අත්දැකීම් යොදා ගනිමින් දරුවන් බලගැන්විය යුතු ආකාරය පිලිබද නීතිමය රාමු ඔස්සේ සීතාවකපුර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ අංශයේ ස්ථානාධිපති ධර්මා නිරෝශනී මහත්මිය විසින් පවත්වන ලදී.
           මෙම වැඩසටහනේ සමාප්තිය සමග දරුවන් සදහා රතුකුරුස සංවිධානය විසින් ලබා දුන් තෑගි ප්‍රධානය කිරීමෙන් අනතුරුව යටියන්තොට ප්‍රාදේශීය ලේකම්තුමියගේ සම්බන්ධීකරණය මගින් දරුවන් සදහා  දිවා ආහාරයද,ග්‍රාම නිලධාරි වසමේ රාජ්‍ය නිලධාරින් විසින් අයිස්ක්‍රීම් ද ලබා දෙන ලදී.
මෙම ළමා දින වැඩසටහන පුංචි දරුවන්ගේ සිත්වල අපූරු අත්දැකීමක් එක කරනු නොඅනුමානය .
 
309121304 607886234330547 8958605765683965767 n 309532866 607886377663866 7548811413379310238 n 309986892 607886264330544 6779181414758159639 n 310109286 607886294330541 8748527484336857095 n
310578475 607886600997177 3145974541943961047 n 310593288 607886697663834 1426024325937490933 n 310613831 607886544330516 5767314321940677456 n 310604282 607886667663837 8700045523697835752 n

156 වන පොලිස් සංවත්සරය නිමිත්තෙන් පවත්වන ලද ක්‍රිකට් තරඟාවලියේ  ශූරතාවය දිනාගත්  යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය කණ්ඩායමට ප්‍රාදේශීය ලේකම් නීතීඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිණිය  ශුභ පැතුම් එක්කරමින්.........

  IMG 20220905 WA0007  IMG 20220905 WA0006  IMG 20220904 WA0005  IMG 20220904 WA0003

යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතිඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිණියගේ මඟ පෙන්වීම හා පූර්ණ අධීක්ෂණය යටතේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හා එක්ව යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ නිළධාරීන් සංවිධානය කල වාණිජ නයිමිරිස් වගාව පිළිබඳ තාක්ෂණික පුහුණු වැඩසටහන 2022-08-30 දින දවස පුරා කාර්යාලයීය ප්‍රධාන ශාලාවේදී සාර්ථකව පැවැත්වීය. පුහුණු අවශ්‍යතාවය ඇති විශාල පිරිසක් මේ සඳහා සහභාගි වූ අතර යටියන්තොට ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශක ප්‍රදීප් සමරනායක මහතා සම්පත් දායකත්වය සැපයීය.සහකාර ප්‍රාදේශීය ලේකම් තුමියගේ සහභාගීත්වයෙන් සහ ග්‍රාමීය කර්මාන්ත,ව්‍යවසාය සංවර්ධන, කෘෂිකර්ම , ඵලදායිතා, සමත, පරිසර ඇතුළු ක්ෂෙත්‍ර නිළධාරීන් රැසක් මෙම පුහුණු වැඩමුළුව සාර්ථක කර ගැනීමට අවශ්‍ය සහාය ලබා දුන් අතර මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය පහසුකම් ලබා දීමට යටියන්තොට ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අවධානය යොමු වී ඇති අතර ඒ පිළිබඳව දැනුවත් කිරීමක් ද සිදුවිය

302446109 583844913401346 6479267332424147302 n.302884229 583845213401316 3813290085134868737 n303251995 583845166734654 4189735650147706057 n 303157632 583845203401317 385335067177275619 n

යටියන්තොට ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනි පෙතන්ගොඩ මැතිනියගේ  මගපෙන්වීම යටතේ  යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රජාව ගොවිතැන සඳහා නැඹුරු කිරීමේ වැඩසටහනේ තවත් එක් වැඩසටහනක්  යටියන්තොට  මල්වත්ත ග්‍රාම නිලධාරි වසමේ වසා දමා ඇති අමිපාන පාසැල 2022.07.29 අම්පාන ග්‍රාම සංවර්ධන සමිතියට පවරා එදින සමූහ ගොවිපලක් ආරම්භ කිරීම  සිදුවිය.
 
295759609 564388405346997 8968574598160904767 n 297047302 564388635346974 192712874357692151 n 297217796 564388585346979 3671022303531553563 n 297226347 564388665346971 5542473447640703385 n

News & Events

Scroll To Top