"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු"        "A reliable operator of development"    "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"

2022/05/25 දින පෙ:ව 9.30 -ප:ව 02.45 දක්වා හෝඩියට විවරණයක් කැපකරු මාපිය ශිෂ්‍යත්ව ප්‍රතිලාභි දරුවන් තිස් දෙදෙනා ( 32 ) වෙනුවෙන් යටියන්තොට ප්‍රාදේශීය ලේකම්තුමිය වන නීතිඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිණියගේ ප්‍රධානත්වයෙන් ප්‍රගති සමාලෝචන රැස්වීමක් සහ යටියන්තොට උපදේශණ නිලධාරීතුමිය වන අචිනි ධාරා මහත්මියගේ සම්පත් දායකත්වයෙන් ආතති කළමනාකරණය සහ චිත්‍ර ප්‍රතිකාර වැඩසටහනක් ඉතා සාර්ථක අයුරින් පවත්වන ලදී .

283831122 519145659871272 541910133378862561 n 283925804 519145833204588 1124735427278251773 n 284043458 519145629871275 2241661765066316008 n 284047403 519146006537904 7905360525209748163 n 

යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් 2022.05.20 දින යටියන්තොට මහවිල වසම කේන්ද්‍ර කරගෙන "සාගතයට පිළියමක්"  මහ වගා සංග්‍රාමයේ  මාසයක පමණ සංවිධාන කටයුතු වලින් පසු අවසාන රැස්වීම පැවැත්වීම සහ වගා බිම් හදුනාගැනීම ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනි පෙතන්ගොඩ මැතිනියගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.එසේම වසමේ නව ව්‍යවසායකයින් සහ උද්යෝගී වැඩිහිටියන් ගැන සොයා බැලීමද ප්‍රාදේශීය ලේකම් තුමිය විසින් සිදුකරන ලදී. මේ සදහා වසමට අනුයුක්තව සිටින  සියලු රාජ්‍ය  නිළධාරීන් සහ ගොවි ජනතාව සහභාගී විය. 
 
283236545 516606023458569 1941498485061293819 n  283449541 516606113458560 7565975323796315678 n283304031 516606140125224 593283289352258996 n283235146 516606050125233 4918937349846218761 n

2022/04/17 වන දින වැලිහෙලතැන්න ග්‍රාම සේවා වසමේ " පුංචි අපේ බක්මහ උලෙළ " ගරු ප්‍රාදේශීය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් මුගුනුවල ක්‍රිඩාංගනයේ දි පෙර පාසල් දරුවන් , ප්‍රාදේශීය ළමා සභා දරුවන් හා වැලිහෙලතැන්න දිලෙන තරු ළමා සමාජ දරුවන් කේන්ද්‍ර කර ගනිමින් අලුත් අවුරුදු චාරිත්‍ර සිදු කරමින් ජනසංස්කෘතිය පහදා දෙමින් නැවුම් විනෝද ජනක අයුරින් පවත්වන ලදී .මෙහි සංවිධානය කටයුතු වසමේ ග්‍රාම නිලධාරී මහතා ගේ මූලිකත්වයෙන් වසමේ රාජ්‍යය නිලධාරීන් ,ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ළමා අංශයේ නිලධාරීන් ,වසමේ ස්වෙච්ඡා සංවිධාන, අත්වැල් බැද ගනිමින් අලුත් අවුරුදු උත්සවය සාර්ථක ලෙස නිමාවට පත්වීය.

IMG 20220418 WA0001 IMG-20220418-WA0057.jpg IMG 20220418 WA0002 IMG 20220418 WA0003 IMG 20220418 WA0004 IMG 20220418 WA0006IMG 20220418 WA0010 IMG 20220418 WA0018 IMG 20220418 WA0019 IMG 20220418 WA0023 

යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාමසාන් සැමරුම් වැඩසටහන යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතීඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2022.04.25 දින පවත්වන ලදී.මෙහිදී රාමසාන් සමයේදී සිදුකරනු ලබන වත් පිලිවෙත් පිලිබඳ දේශනයක් ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්ය M.F.M.හුස්නි මහතා විසින් සිදුකරන ලදී.මීට අමතරව අඩු ආදායම්ලාභී මුස්ලිම් දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ කට්ටල බෙදාදීමද සිදුවූ අතර ඒ සඳහා විවිධ ව්‍යාපාර භවතුන් මූල්‍යාධාර ලබා දෙන ලදී.යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරීතුමිය,වැවිලි ප්‍රජා නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් මේ සඳහා සහභාගී විය.

IMG 20220425 WA0004 IMG-20220425-WA0013.jpg IMG 20220425 WA0015 

IMG 20220425 WA0007 IMG 20220425 WA0006 IMG 20220425 WA0007 

හරිත දැයක් ගෙවතු වගා සංග්‍රාමය - 2022 වැඩසටහනට සමගාමීව යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගෙවතු වගා හිමියන් හට ගෙවතු වගාව සඳහා බීජ පැකට් සහ පැල බෙදාදීම 2022.03.29 දින  කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති,යටියන්තොට සහ බුලත්කොහුපිටිය ගරු සම්බන්ධීකරණ කමිටු සභාපති කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රාජිකා වික්‍රමසිංහ මැතිණිය, සබරගමුව පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය, යටියන්තොට බුලත්කොහුපිටිය සම්බන්ධීකරණ කමිටුවේ ගරු උප සභාපති ශ්‍රීලාල් වික්‍රමසිංහ මැතිතුමාගේ ,යටියන්තොට ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන් හා උප සභාපතිතුමන් ඇතුළු මන්ත්‍රීවරුන්ගේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතීඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිණියගේ  ප්‍රධානත්වයෙන් හා කොට්ඨාශයේ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදුවිය .....
277564510 482997143486124 8230252423848126019 n 277670789 482996960152809 422468668261226868 n 277673461 482996500152855 5353047900057360658 n 277679341 482996900152815 8455460413371126267 n
 277679341 482996900152815 8455460413371126267 n 277703691 482997003486138 4320819611206416630 n 277742604 482997026819469 2408790923068072474 n

News & Events

Scroll To Top