"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු"        "A reliable operator of development"    "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"

**අමුපිටියට නෑගම් ගිය අපි....
කැවිලි ගමක අත්දැකීම් හුවමාරුව**
~~~~~~~~~~~~~~~~~~~~~~~
අත්දැකීම් හුවමාරුව කියන්නේ ව්‍යවසායකයින්ට ගොඩනැගෙන්න ඉතා වටිනා අවස්ථාවක්... ඒ අත්දැකීම් තුළින් ඇති කරවන අභිප්‍රේරණය සහ අභියෝග වලට මුහුණ දීමට ඇති කරවන ශක්තිය ඉතා වටිනවා වගේම එය හුදෙක් දේශනයක් තුළින් හෝ පුහුණු වැඩසටහනක් තුළින් ලබා දීමට නොහැක්කක්.
යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජයවින්දාගම ග්‍රාම නිළධාරී වසමේ පොලටගම අපි නෑගම් ගියේ ඇහැලියගොඩ, අමුපිටිය ගම්මානය කැවිලි ගමක් ලෙස සංවර්ධනය වූ කතා පුවත පිලිබඳව අත්දැකීම් හුවමාරු කර ගැනීමේ වුවමනාවෙන්.
ඔවුන්ගේ මුහුණුවල තිබුණේ බලාපොරොත්තු සහගත සුන්දර සිනහවක්. සියල්ලෝම ලස්සනට කහ පාට අමුපිටිය ලෝගුව සහිත ටීෂර්ට් එකකින් සහ එයටම ගැලපෙන ලුංගියකින් සැරසී සිටීම සුන්දර දසුනක්. දුටුවනක්ම එකම ගොනුවකට එකතු වූ එකම කණ්ඩායමක්ය යන හැගීම නිතැතින්ම අපගේ සිතට ආවා. හැමෝම ආයුබෝවන් කියමින් පිලිගත්තේ හරිම සුහදව. අපේ හිත්වලත් තිබුණේ අනාගතය පිලිබඳව බලාපොරොත්තුවක්.. ඒ සුන්දර පිළිගැනීම තවත් රසවත් කලේ පේළියට කැවිලි පිගන් රැගෙන ආ ආදරණීය ව්‍යවසායකයින්ගේ සංග්‍රහය නිසා.. ඒ ඔවුන්ගේ නිෂ්පාදන වල තිබුණේ අපුරු රසයක්.අමුපිටිය රස සන්නමක් ලෙස ඉදිරියට යන්නට ඔවුන්ගේ මේ නිෂ්පාදන වල පැවැති ගුණාත්මක බව සුවිශේෂ හේතුවක් වන්නට ඇති.එතැන් පටන් අපගේ ව්‍යවසායකයින් මෙ අත්දැකීම් හුවමාරු කරගන්නට පටන් ගත්තා..
අපගේ මේ කර්තව්‍යය සාර්ථක කර ගැනීමට ඔවුන් බොහෝ සෙයින් සංවිධානය වී තිබීම පිළිබඳව පැවසිය යුතුමය. එක් එක් ව්‍යාපාරික ස්ථාන වෙත අපගේ කණ්ඩායම කැදවාගෙන යමින් නිෂ්පාදන ස්ථාන සකස් කිරීමේ පටන් නිෂ්පාදන ක්‍රියාවලිය සිදු කරන ආකාරය පිළිබඳව ඔවුන් අප සමග තොරතුරු බෙදා හදා ගත්තා.
අද දවස අපේ ආදරණිය ව්‍යවසායකයින්ට පමණක් නොව අපේ නිලධාරීන්ටත් සුවිශේෂී අත්දැකීම් සම්භාරයක් එකතු කර ගන්නට හැකි වුනා.
මේ අත්දැකීම ඉතා හරවත් සහ වටිනා අවස්ථාවක් බවට පත් කිරීමට රත්නපුර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ(අධීක්ෂණ) මනෝරත්න මහතාගේ මගපෙන්වීම ඉතා වැදගත්. නිෂ්පාදන ගමක් බිහි වූ ආකාරයේ සිට ව්‍යවසායකයින්ගේ මැදිහත්වීම සිදුවිය යුතු ආකාරයත් රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීම සිදුවිය යුතු ආකාරයත් ඉතා වටිනා මගපෙන්වීමක් මෙහිදි සිදු වුනා..
මේ සදහා අමුපිටිය ගම්මානයේ ආදරණීය ව්‍යවසායකයින්ගෙන් ලැබුණු දායකත්වය වචන වලට කැටිකල නොහැකියි. ඔවුන්ගේ ඉතා සුහදශීලි පිළිගැනීමත්, ඔවුනගේ අත්දැකීම් කිසිදු ගුරුමුෂ්ටියකින් තොරව අප සමග බෙදා ගැනීමට තරම් ඔවුන් නිහතමානි විම අගේ කළ යුත්තක්. අමුපිටිය රසකැවිලි ගම්මානයේ සියලු ව්‍යවසායකයින්ට වගේම ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් තුමා, එම කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සංවර්ධන නිලධාරීන් ඇතුලු ගනේගොඩ සහ ඉද්දමල්ගොඩ වසම්වල සියලු නිළධාරීන්ට ස්තූතියිවන්ත වන්නේ වැඩසටහනේ දවස පුරා අප සමග රැදෙමින් ඔවුන්ගේ අත්දැකීම් අප සමග බෙදා ගැනීමට තරම් වූ කැපවීම හේතුවෙනි..
ඉතිං මෙය අපට සුවිශේෂී ආරම්භයක්. නිෂ්පාදන ගම්මානයක් ගොඩනැගීම පිළිබඳව යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතිඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිණියගේ හැබෑ වුවමනාව සාක්ෂාත් කරනු පිණිස යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සහ ව්‍යවසායකත්වය සම්බන්ධ සියළු නිලධාරීන් එක මිටකට ගොනු වෙමින් මෙම කාර්තව්‍යයට ගොනු කිරීම සම්බන්ධයෙන් ගරු ප්‍රාදේශීය ලේකම් තුමිය ස්තූතිපූර්වකව සිහිපත් කළ යුතුයි.
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අපගේ සිහිනය වන්නේ මතු දිනයක යටියන්තොට ජයවින්දාගමින් සාර්ථක කැවිලි සන්නාමයක් ලොවපුරා රැගෙන යෑමයි.එසේ වන දිනක අද දවසේ අප සියළු දෙනාගේ වෙහෙසට නිසි සාදාරණත්වයක් වනු ඇත.
අද ලැබූ අත්දැකීම් එහිලා මහත් වූ පන්නරයක් වනු නොඅනුමානයි...

321428289 5727851870665697 7899608699134450927 n 321387906 1378421092897563 6951293401073186242 n

321349082 3312497159066835 6092731643696304811 n

සුදු පෙන සහිත සැඩදිය මත ඔරු පැදීම (White Water Rafting) ක්‍රීඩාව සඳහා ලෝක අවධානය දිනාගත් ලංකාවේ එකම ස්ථානය සංවර්ධනය කිරීම සහ දැනට මතුව ඇති ගැටළු වලට පිළියම් සෙවීම වෙනුවෙන් ගරු කෑගල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිනි,කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ මැතිනියගේ ආරාධනයෙන් ක්‍රීඩා හා තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2022-12-14 දින යටියන්තොට, කිතුල්ගල දී එම කර්මාන්තයේ නියලී සිටින ව්‍යවසායකයන් සමඟ හමුවක් පැවැත්විණ. ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්,අතිරේක දිස්ත්‍රික් ලේකම්,යටියන්තොට ප්‍රාදේශීය ලේකම් ප්‍රධානව අදාල ක්ෂේත්‍ර වල නිළධාරීන් රැසක් මෙම හමුව සඳහා සහභාගි වූහ. ව්‍යවසායකයන් රැසක් ද මේ සඳහා සහභාගි වූහ.සාකච්ඡාව අවසානයේ ගරු අමාත්‍යතුමා කර්මාන්තයේ ගැටළු හඳුනා ගැනීම සඳහා ක්ෂේත්‍ර පරික්ෂාවක්ද සිදු කිරීම විශේෂිත විය.

 320361883 8855208587830477 3860914075147164739 n 320473268 1477600602732816 6695241569318933681 n 320390295 866196051086699 6646429390766404945 n

පුණ්‍ය ග්‍රාම -2022 වැඩසටහනට සමගාමීව යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතිඥ ප්‍රියන්ගනී පෙතන්ගොඩ මැතිනියගේ මගපෙන්වීම යටතේ ,යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ බෞද්ධ කටයුතු අංශයේ සම්බන්ධීකරණයෙන් පවත්වන ලද උපදේශනය හා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කීරීමේ වැඩසටහනක් ගල්පාත ඉන්ද්‍රරතන කනිෂ්ඨ විද්‍යාලයේ දු දරුවන් වෙනුවෙන් අද දින ඉතා සාර්ථකව නිමාවට පත්විය.මේ සදහා සම්පත්දායකත්වය යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ උපදේශන නිලධාරී පූජ්‍ය පොලොන්නරුවේ සමිත හිමි හා අචිනි මහත්මිය විසින්ද,මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ සංවර්ධන නිලධාරී සංගීත් අනුරාධ මහතා විසින් ද සපයන ලදී.තවද තාක්ෂණික සහය සංවර්ධන නිලධාරී දිලාන් මහතා විසින් ලබා දුන් අතර මෙම වැඩසටහන ඉතා සාර්ථකව නිමා කර ගැනීමට සහය දුන් සැමට වසමේ රාජ්‍ය නිලධාරී එකමුතුවේ ස්තූතිය පුදකර සිටිමු

318482602 653039959815174 7868583229639773531 n 318489543 653039519815218 2630254280909593328 n 318576071 653040009815169 7887437722501747964 n

යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතිඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිනියගේ උපදෙස් හා මග පෙන්වීමෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව සමාජ සේවා අංශය විසින් සංවිධානය කල "ජීවිතය සමග ජීවත්වීම" තරුණ සිතට නව ආකල්පමය ප්‍රවේශයක් වැඩසටහන 2022.12.11 දින බිබිලිඔය ශ්‍රී පිලිමලෙන විහාරස්‌ථානයේදී පවත්වන ලදි.මේ සදහා මනෝ විද්‍යා උපදේශක පද්මසිරි ගම්ලත් මහතා,මහජන සෞඛ්‍ය පරීක්ෂක හසිත් නුවන් මහතා , සංවර්ධන නිලධාරී ( සමාජ සේවා) දුෂ්මන්ත මහතා සම්පත්දායකත්වය ලබාදෙන ලදි. බෞද්ධ කටයුතු අංශයේ නිලධාරීන්,සමාජ සේවා අංශයේ නිලධාරීන්,සංවර්ධන නිලධාරි සහභාගි විය.

319704142 658397792612724 1937516344388495311 n 319737346 658397632612740 1094350437920679245 n 1 

319977101 658397755946061 3537861856409739815 n 1

යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බහුකාර්‍ය සංවර්ධන කාර්‍ය සහායකයින්ගේ ආකල්ප සංවර්ධනය කිරීම අරමුණ ඇතිව ප්‍රාදේශීය ලේකම් නීතිඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිනියගේ සම්බන්ධීකරණය හා මගපෙන්වීම යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සබරගමු පළාත් සහකාර අධ්‍යක්ෂ,සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ බාහිර කතිකාචාර්‍ය විරාජ් එන් බාලසූරිය මහතාගේ සම්පත් දායකත්වයෙන් සාර්ථකව වැඩමුලුවක් සිදුකළ අවස්ථාවකි.2022/11/30 ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලීය ශ්‍රවනාගාරයේ සිදුකළ මෙම වැඩමුලුව සදහා බහුකාර්‍ය් සංවර්ධන කාර්‍ය් සහායකයින් 105ක් සහභාගි වෙමින් සාර්ථකව සිදුකරමින් අවසන් විය.

317791914 649537486832088 2427104545373579514 n 317606683 649537413498762 3805876390523002981 n 1 317664771 649537386832098 2871149318585103748 n

News & Events

Scroll To Top