![]() |
"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු" "A reliable operator of development" "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"
|
කිතුල්ගල දකුණ වසමේ කොස්කදහේන ළමා සමාජය පිහිටුවීම හා දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහන ළමා අංශයේ නිලධාරීන් සහ වසමේ ග්‍රාම නිලධාරීතුමාගේ හා සංවර්ධන නිලධාරීතුමියගේ සම්බන්ධීකරණය ඔස්සේ සාර්ථක ලෙස සිදුකරන ලද අයුරු ....


යටියන්තොට පොල්පිටිය කණිෂ්ඨ විද්‍යාලයට ගොඩනැගිල්ලක් ඉදිකර දුන් සමන් අල්ගොඩ මහතාට අපේ ස්තුතිය...

යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 74වන නිදහස් දින සැමරුම් උළෙල කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති,යටියන්තොට සහ බුලත්කොහුපිටිය ගරු සම්බන්ධීකරණ කමිටු සභාපති කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රාජිකා වික්‍රමසිංහ මැතිණිය, යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතීඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිණියගේ ප්‍රධානත්වයෙන් හා ප්‍රදේශයේ ආගමික පූජකවරුන්, යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය,සහකාර අධ්‍යක්ෂකතුමිය ,පරිපාලන ග්‍රාම නිලධාරීතුමන්, යටියන්තොට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් ,යටියන්තොට පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂක තුමන්,යටියන්තොට ශාන්ත මරියා දෙමළ විදුහලේ විදුහල්පතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් ,දූ දරුවන්,වෛද්‍ය විශාරද වෛද්‍ය කීර්ති දේශබන්ධු කලාපති පාට්ටගම වෙද මහතා,ප්‍රදේශයේ කලායතන භාරකාරවරුන්,දූ දරුවන්,යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරීතුමිය,ක්ෂේත්‍ර නිලධාරීන් ,කාර්යාල නිලධාරීන් ඇතුළු නිලධාරී මණ්ඩලය,ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසගේ සහභාගීත්වයෙන් සිදුවිය ප්‍රදේශයේ කලායතනවල දූ දරුවන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ ගායන ,නර්තන ඇතුළු සංස්කෘතිකාංග වලින් උත්සවය අලංකාරවත් විය.


පරුස්සැල්ල තරු කැට ළමා සමාජය පිහිටුවීම,නිලවරණය හා නිදහස් දිනය සිහිගන්වමින් ළමා සමාජයේ දරු දැරියන් විසින් රුක් රෝපණ වැඩසටහන ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් හා වසම භාර ග්‍රාම නිලධාරිතුමා ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අතිසාර්ථක ලෙස පැවැත්විණි


යටියන්තොට ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය වර්තමාන රජයේ "මිහිඳු නිවහන" නිවාස ව්‍යාපෘතිය යටතේ සම්බුදු සසුනේ පැවිදි වූ පින්වන්ත පුංචි සාමණේරයන් වහන්සේලාගේ දෙමව්පියන් උදෙසා තනා දෙන නිවාස ව්‍යාපෘති වල අද දිනට (2022.02.02) ප්‍රගතිය පිළිබඳ සොයා බැලීම සඳහා ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනී පෙතංගොඩ මහත්මියගේ පූර්ණ අධීක්ෂණය යටතේ පූජ්‍ය පොළොන්නරුවේ සමිත පොඩි හාමුදුරුවෝ ඇතුළු, බෞද්ධ කටයුතු සමායෝජක දෙපළ, නිවාස සංවර්ධන නිලධාරී මහත්ම මහත්මීන් සහභාගී වූ අයුරු......















