![]() |
"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු" "A reliable operator of development" "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"
|
සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන යටතේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කිතුල් ආශ්‍රිත විසිතුරු හා ගෘහ භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සමිති සඳහා භාණ්ඩ බෙදාදීම හා සමිති 06 ක් සඳහා වායු රයිෆල් ලබාදීම 2021.12.30 දින සබරගමුව පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය , යටියන්තොට, බුලත්කොහුපිටිය සම්බන්ධීකරණ කමිටුවේ උප සභාපති ශ්‍රිලාල් වික්‍රමසිංහ මහතා සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතීඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා යටියන්තොට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්,ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂකතුමිය ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුවිය.

මධ්‍යම පරිසර අධිකාරිය ,යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලීසිය සහ යටියන්තොට ප්‍රාදේශීය සභාව එක්ව සංවිධානය කරන ලද සුරකිමු ගංගා වැඩසටහන යටතේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි ගංඟා ආශ්‍රිතව ආදර්ශ පුවරු ස්ථාපිත කිරීම හා රුක් රෝපණ වැඩසටහන 2021.12.21 දින කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති,යටියන්තොට සහ බුලත්කොහුපිටිය ගරු සම්බන්ධීකරණ කමිටු සභාපති කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රාජිකා වික්‍රමසිංහ මැතිණිය,මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂක තුමා ඇතුළු කාර්ය මණ්ඩලය, යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතීඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිණිය,යටියන්තොට ප්‍රාදේශීය සභාවේ උප සභාපතිතුමන් හා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසගේ ප්‍රධානත්වයෙන් සිදුවිය .....

කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ජාතික කාන්තා කමිටුව සංවිධානය කරන ලද ස්ත්‍රීන්ට එරෙහිව සියඵ ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් තුරන් කරන ලද,කාන්තා හිංසනය වැලැක්වීමේ අන්තර් ජාතික දින 16 වැඩසටහන 2021.12.01 වෙනි දින යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තෝරාගත් කාන්තාවන් සිය දෙනකු සඳහා ගොමාඩුව බොරළුව උත්සව ශාලාවේදී පැවැත්විය.
කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති,යටියන්තොට සහ බුලත්කොහුපිටිය ගරු සම්බන්ධීකරණ කමිටු සභාපති කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රාජිකා වික්‍රමසිංහ මැතිණිය ,ජාතික කාන්තා කමිටුවේ ගරු සභාපතිතුමිය ශිරන්ති බ්‍රියට්‍රිස් දිසානායක මහත්මිය , යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතීඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිණිය,ආර්.ඩී.හෙට්ටිආරච්චි මහතා ,යටියන්තොට පොලිස් ස්ථානාධිපතිතුමා,යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාන්තා හා ළමා ඒකකයේ සියලු නිලධාරීන්,ඇතුළු පිරිසගේ ප්‍රධානත්වයෙන් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සිදුවිය ...
තවද,මේ සඳහා රුවන්වැල්ල සහ දෙහිඕවිට කාන්තා සමිති නියෝජනය කරමින් කාන්තාවන් ද සහභාගී විය.


කෑගලු දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ාශය මගින් සංවිධානය කරන ලද කේක් නිෂ්පාදනය පිළිබඳ තාක්ෂණික පුහුණු වැඩසටහන ව්‍යවසායකයන් 25 දෙනකුගේ සහභාගිත්වයෙන් 2021.11.29 දින නවට සුමනාරාම විහාරස්ථානයේදී පැවැත්විය.

















