![]() |
"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු" "A reliable operator of development" "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"
|

"නිරෝගීමත් රාජ්‍ය සේවක පිරිසක් බිහිකිරීම තුළින් කාර්යක්ෂම හා ඵලදායී සේවයක් ලබා දිම" අරමුණු කර ගනිමින් ජාතික ක්‍රීඩා දිනය වෙනුවෙන් කාර්යාල නිලධාරීන්හට ශරීර සුවතා ව්‍යායාම් මාලාවක් සබරගමු පළාත් පිරිමි රග්බි කණ්ඩායමේ පුහුණුකරු දිනේෂ් බාලසූරිය මහතා විසින් අද දින පවත්වන ලද අතර මෙහි සමාරම්භක අවස්ථාව යටියන්තොට ප්රාදේශීය ලේකම් ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

යටියන්තොට ප්රාදේශීය ලේකම්තුමියගේ පූර්ණ අධීක්ෂණය යටතේ අඩු ආදායම්ලාභී ආර්ථික දුෂ්කරතා සහිත මාතෘ මූලික පවුල් සඳහා පෝෂණ බඩු කට්ටලයක් බැගින් ලබා දීම 2021.08.18 දින සෞඛ්යාරක්ෂාවට මුල්තැන දෙමින් යටියන්තොට ප්රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකරන ලදී.


ආබාධිත තැනැත්තන් සඳහා වූ ජාතික මහ ලේකම් කාර්යාලය මගින් වෛද්‍ය සායන සඳහා සහභාගී වන රෝගී පුද්ගලයන් සඳහා ලබා දෙන වෛද්‍යාධාර චෙක්පත් ප්‍රධානය කිරිම හා සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් ප්‍රජා මූලික පුනරුත්ථාපන වැඩසටහන යටතේ පුනරුත්ථාපනය වන ආබාධිත දරුවකු වෙනුවෙන් පාසල් උපකරණ කට්ටලයක් ලබාදීමේ වැඩසටහන ගරු කෑගල්ල දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, යටියන්තොට සහ බුලත්කොහුපිටිය ගරු සම්බන්ධීකරණ කමිටු සභාපති කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ මැතිණියගේ හා යටියන්තොටප්‍රාදේශීය ලේකමතුමියගේ ප්‍රධානත්වයෙන් 2021.07.16 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වීය.

















