![]() |
"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු" "A reliable operator of development" "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"
|
කාර්යාල නිලධාරීන් සඳහා පුවක් පැල ලබාදීමේ වැඩසටහනක් 2021.07.16 දින ගරු කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, යටියන්තොට සහ බුලත්කොහුපිටිය ගරු සම්බන්ධීකරණ කමිටු සභාපති කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්රමසිංහ මැතිණියගේ හා යටියන්තොට ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වීය.


"ලේ බිඳක් දන් දී ජීවිතයක් බේරාගමු "තේමාව මුල් කරගනිමින් යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නවක උපාධිධාරීන් විසින් සංවිධානය කරන ලද ලේ දන් දීමේ ව්‍යාපාරය 2021.07.10 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සෞඛ්‍යාරක්ෂාවට මුල් තැන දෙමින් සිදුකරන ලදී.යටියන්තොට ප්‍රාදේශීය ලේකම්තුමිය හා කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු, යටියන්තොට සහ බුලත්කොහුපිටිය ගරු සම්බන්ධීකරණ සභාපති කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රාජිකා වික්රමසිංහ මැතිණියගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු ආරම්භ විය.

යටියන්තොට සරණ භික්ෂු සංසදය , යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා මල්වත්ත ආයුර්වේද රෝහල එක්ව යටියන්තොට ප්‍රාදේශීය විහාරස්ථාන සඳහා බෙදාදීමට සුවධරණී ඖෂධ තොගය භාරදීම.

සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන සංවර්ධන වැඩසටහනෙහි තවත් එක් පියවරක් ලෙස යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 07 ක් කේන්ද්‍ර කරගනිමින් ගම් කුකුල් ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු, යටියන්තොට සහ බුලත්කොහුපිටිය ගරු සම්බන්ධීකරණ සභාපති කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රාජිකා වික්‍රමසිංහ මැතිණිය,කෑගල්ල දිස්ත්‍රික් ලේකම්තුමා,යටියන්තොට ප්‍රාදේශීය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. මෙහිදී
01.ගම් කුකුල් පැටව් ලබාදීම,ගම් කුකුල් පාලනය පිලිබඳව ප්‍රතිලාභීන් දැනුවත් කිරීම
02.ග්‍රාම සංවර්ධන සමිති 07 ක් සඳහා තණකොළ කපන මැෂින් ලබාදීම
03.සෞභාග්‍යා දැක්ම යටතේ නිවාස අනුමත නිවාසලාභින්ට ලිපි භාරදීම
04.සමෘද්ධි සමාජ ආරක්ෂණ වැඩසටහන යටතේ සිප්දොර ශිෂ්‍යත්ව ලිපි ප්‍රධානය
ඇතුළු විශේෂ කටයුතු රාශියක් සිදුකරන ලදී.

යටියන්තොට ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිණියගේ මග පෙන්වීම යටතේ ඩිප්ලෝමාධාරී පෙරපාසල් ගුරුවරුන් 61 දෙනෙකු සඳහා ගුරු අභිමානී මාසික දීමනාව ප්‍රධානය කිරීමේ සමාරම්භක උත්සවය 2021.07.02 දින කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු, යටියන්තොට සහ බුලත්කොහුපිටිය ගරු සම්බන්ධීකරණ සභාපති කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රාජිකා වික්රමසිංහ මැතිණියගේ ප්‍රධානත්වයෙන් යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදි.















