"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු"        "A reliable operator of development"    "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"

කබුලුමුල්ල ළමා මිතුරු පාසලේ දී ගරාගොඩ මුස්ලිම් විද්‍යාලය , සිංහල විද්‍යාලය දූ දරුවන් වෙනුවෙන් ළමා අපචාර සහ මත්ද්‍රව්‍ය භාවිතය යන මාතෘකා ඔස්සේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතිඥ ප්‍රියංගනී පෙතංගොඩ මැතිණිය සහ අවිස්සාවේල්ල සීතාවක පුර පොලිස් කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි හේරත් මැතිතුමන්ගේ සහභාගිත්වයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් දෙකක් පැවැත්විණි. කබුලුමුල්ල මහ විද්‍යාලයේ දී රුපියල් තිස් පන්දාහක් පමණ වටිනා පුස්තකාල පොත් පරිත්‍යාගයක්ද ප්‍රාදේශීය ලේකම්තුමිය අතින් විදුහල්පති තුමා වෙත ප්‍රධානය කරන ලදී. සහය දුන් ක්ෂේත්‍ර නිලධාරීන්ට , ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට , පාසල් දෙකේ විදුහල්පතිවරුන් සහ ගුරුභවතුන්ට  අපගේ ප්‍රණාමය පුද කරමු.

312203552 6404030026322200 6400547146134231255 n 312176452 6404029006322302 712155576947620846 n 312317411 6404027322989137 3660178481888839406 n312384770 6403971749661361 4851604348956514646 n

News & Events

Scroll To Top