"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු"        "A reliable operator of development"    "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"

යටියන්තොට ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය මගින් සංවිධානය කරන ලද දෙටුවර අභිමන් ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරුමට සමගාමීව යටියන්තොට කොට්ඨාශයේ ග්‍රාමීය වැඩිහිටි කමිටුවල අඩු ආදායම්ලාභි පුද්ගලයන් 32 ක් සඳහා වියළි ආහාර මළු ලබා දීම හා ආබාධිත පුද්ගලයකු සඳහා කොමඩ් කට්ටලයක් ලබාදීම 2021.11.25 දින යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.


මෙම මහඟු කටයුත්ත කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති, යටියන්තොට සහ බුලත්කොහුපිටිය ගරු සම්බන්ධීකරණ කමිටු සභාපති කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ මැතිණිය හා යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතීඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලද අතර මේ සදහා සබරගමුව පළාත් සමාජසේවා දෙපාර්තමේන්තුව මූල්‍ය දායකත්වය දරන ලදී.

  IMG 20211125 WA0045 IMG 20211125 WA0046 IMG 20211125 WA0048 IMG 20211125 WA0051 IMG 20211125 WA0052

News & Events

Scroll To Top