![]() |
"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු" "A reliable operator of development" "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"
|
ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නපුවත් සහ සිදුවීම්
රාජ්‍ය සේවා ස්ථාන
මුල් පිටුව
පොසොන්-පොහොය-නිමිත්තෙන්-භක්ති-ගීත-ප්‍රසංගයක්-සංවිධානය-කෙරේ
යටියන්තොට ප්‍රාදේශීය ලේකම් ඩී. අනෝමා දිසානායක මහත්මියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් නදීෂානි කේ. වීරගල මහත්මියගේ මඟපෙන්වීම යටතේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික කටයුතු අංශය, සමාජ සේවා අංශය සහ 'සවිය ස්වශක්ති' සංවිධානය එක්ව පොසොන් පුර පසළොස්වක පොහොය දිනයට සමගාමීව "භක්ති ගීත ප්‍රසංගයක්" සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන අද (08) දින යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී සාර්ථකව පවත්වන ලදී.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ 'සවිය ස්වශක්ති' සංවිධානයේ සාමාජිකයින් විසින් ඉදිරිපත් කරන ලද භක්ති ගීත මෙම වැඩසටහනට ඇතුළත් විය. සහභාගිවන්නන් අතර භක්තිය, සහජීවනය සහ එකමුතුකම ප්‍රවර්ධනය කරන අතරම, පොසොන් පොහොයේ ආධ්‍යාත්මික වැදගත්කම සිහිපත් කිරීමට මෙය අර්ථවත් අවස්ථාවක් විය.
මෙම වැඩසටහන සාර්ථකව සංවිධානය කිරීම සඳහා දායක වූ සියලුම නිලධාරීන්ට, සංවිධායකයින්ට, සහභාගිවන්නන්ට සහ අනෙකුත් සියලුම දෙනාට අපගේ අවංක කෘතඥතාව පළ කරමු.

යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉතිහාසය
සිතාවක රාජසිංහ රජ සමයේ තුන් කෝරලයට අයත් මෙම ප්‍රදේශය මීදෙනිය අධිකාරම් විසින් පාලනය කරන ලදි.සිතාවක රාජසිංහ රජ සමයේ තුන් කෝරලයට අයත් මෙම ප්‍රදේශය මීදෙනිය අධිකාරම් විසින් පාලනය කරන ලදි.
ඉන් පසු 1944දී බ්‍රිතාන්‍ය පාලන ක්‍රමය යටතේ ගම්මුලාදෑනි කොට්ඨාශ 11කින් සමන්විත දෙහිගම්පල් කෝරලේ සහ පාත බුලත්ගම ආදායම් පාලක කොට්ඨාශයට මෙම ප්‍රදේශය අයත්වී තිබිණි.
පසුකාලිනව ගම්මුලාදැනි තනතුර ග්‍රාම සේවක තනතුර වශයෙන් වෙනස් වු අතර ආදායම් පාලක නිලධාරිතනතුර ප්‍රාදේශීය අප දිසාපති වශයෙන්ද වෙනස් වී සහකාර ආණ්ඩුවේ ඒජන්ත යන නමට පරිවර්තනය විය. මෙකි කාලයේදි පෙර පැවතිගම්මුලාදෑනි කොට්ඨාශ 11ග්‍රාම සේවක වසම් 50ක් දක්වා වර්ධනය විය.
1992 දී කච්චේරි ක්‍රමය අහෝසි වීමත් සමග උප දිසාපති කොට්ඨාශ බවටද සහකාර ආණ්ඩුවේ ඒජන්ත තනතුර ප්‍රාදේශීය ලේකම් තනතුර බවටද පත්විය.
2000 වසරේදි මෙම කොට්ඨාශයෙන්ද ග්‍රාම නිලධාරි වසම් 20ක් සම්බන්ධ කර ගැනීමෙන් බුලත්කොහුපිටිය ප්‍රාදේශීය නව ලේකම් කොට්ඨාශය පිහිට වු අතර එතැන් සිට මේ දක්වා ඉතිරි වු ග්‍රාම නිලධාරි වසම් 32න් සමන්විත යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය නිර්මාණය විය. .
| Name | Designation | |
...
|
|
ලෝක පරිසර දිනයට සමගාමීව රුක් රෝපණ හා ශ්‍රමදාන වැඩසටහනක්
ලෝක පරිසර දිනයට සමගාමීව රුක් රෝපණ හා ශ්‍රමදාන වැඩසටහනක්
යටියන්තොට ප්‍රාදේශීය ලේකම් ඩී. අනෝමා දිසානායක මහත්මියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් නදීශානි කේ. වේරගල මහත්මියගේ මඟපෙන්වීම යටතේ, ලෝක පරිසර දිනයට සමගාමීව රුක් රෝපණ හා ශ්‍රමදාන වැඩසටහනක් අද (05) දින යටියන්තොට කඳුකැලේ ප්‍රදේශයේ යෝජිත ජාත්‍යන්තර බෞද්ධ හරිත නගරය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලදී.
මෙම වැඩසටහන සඳහා යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහභාගි වූ අතර, පූජ්‍ය පොළොන්නරුවේ සමිත හිමියන් ඇතුළු සම්භාවනීය පිරිසක් ද එක්විය.
වැඩසටහනේදී පරිසර සංරක්ෂණය හා ජෛව විවිධත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පරිසර හිතකාමී වටිනා ශාක පැළ රැසක් රෝපණය කරන ලද අතර, පරිසරය පිරිසිදුව හා සුරක්ෂිතව පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.
මෙවැනි වැඩසටහන් තුළින් හරිත පරිසරයක් ගොඩනැගීම, පරිසර සංරක්ෂණය පිළිබඳ ජනතාවගේ දැනුවත්භාවය ඉහළ නැංවීම සහ අනාගත පරපුර වෙනුවෙන් සෞඛ්‍ය සම්පන්න පරිසරයක් උරුම කර දීම සඳහා වැදගත් දායකත්වයක් ලබාදෙන බව මෙහිදී අවධාරණය කෙරිණි.

දෙදහස් පන්සිය හැත්තෑවන වෛශාඛ්‍ය මංගල්‍යය වෙනුවෙන් වැඩසටහන් පෙළක්....
දෙදහස් පන්සිය හැත්තෑවන වෛශාඛ්‍ය මංගල්‍යය වෙනුවෙන් යටියන්තොට ප්‍රාදේශීය ලේකම් ඩී අනෝමා දිසානායක මැතිණිය , සහකාර ප්‍රාදේශීය ලේකම් නදීශානි කේ වේරගල මැතිණිය ,පරිපාලන නිලධාරීතුමා සහ පරිපාලන ග්‍රාම නිලධාරීතුමන්ගේ මගපෙන්වීමෙන් බෞද්ධ කටයුතු හා සංස්කෘතික අංශය සහෝදර නිලධාරීන් සමග එක්ව වෙසක් සතිය මුල්කරගනිමින් යටියන්තොට කොට්ඨාසය තුළ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනු ලැබේ.
ඒ අනුව 2026.05.27 දින යටියන්තොට සිරි ධම්මජෝති පෙර පාසලේ දරුවන් සිල් සමාදන් කරවීම සිදුකරන ලදී. එමෙන්ම එහි විශේෂ වැඩසටහනක් ලෙස කාර්යාලයීය නිලධාරීන්ගේ සීල සමාදාන වැඩසටහනක් 2026.05.29 කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී සිදුකරන ලදී.
* සිල් සමාදන් කරවීම - යටියන්තොට නන්දාරාම විහාරාධිකාරී පූජ්‍ය පොළොන්නරුවේ සමිත ස්වාමීන් වහන්සේ
* භාවනා වැඩසටහන - පූජ්‍ය කැප්පෙටිපොළ විමලතිස්ස ස්වාමීන් වහන්සේ
* කාව්‍යමය ධර්ම දේශනය - සමථ නිලධාරී ජයන්ත මයා
*ධර්ම සාකච්ජාව - පූජ්‍ය පොළොන්නරුවේ සමිත ස්වාමීන් වහන්සේ /ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරී සමන් මයා සහ සාලින්ද මයා.
*ධර්ම දේශනය - පූජ්‍ය විල්ගමුවේ රතනසාර ස්වාමීන් වහන්සේ
එමෙන්ම මීට සමගාමීව කාර්යාල පරිශ්‍රය අලංකාරවත් සැරසිලි යොදාගනිමින් ආලෝකමත් කිරීම ද කාර්යාල නිලධාරීන් විසින් සිදුකරන ලදී.






















