"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු"        "A reliable operator of development"    "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"

ලෝක පරිසර දිනයට සමගාමීව රුක් රෝපණ හා ශ්‍රමදාන වැඩසටහනක්

යටියන්තොට ප්‍රාදේශීය ලේකම් ඩී. අනෝමා දිසානායක මහත්මියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් නදීශානි කේ. වේරගල මහත්මියගේ මඟපෙන්වීම යටතේ, ලෝක පරිසර දිනයට සමගාමීව රුක් රෝපණ හා ශ්‍රමදාන වැඩසටහනක් අද (05) දින යටියන්තොට කඳුකැලේ ප්‍රදේශයේ යෝජිත ජාත්‍යන්තර බෞද්ධ හරිත නගරය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහභාගි වූ අතර, පූජ්‍ය පොළොන්නරුවේ සමිත හිමියන් ඇතුළු සම්භාවනීය පිරිසක් ද එක්විය.

වැඩසටහනේදී පරිසර සංරක්ෂණය හා ජෛව විවිධත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පරිසර හිතකාමී වටිනා ශාක පැළ රැසක් රෝපණය කරන ලද අතර, පරිසරය පිරිසිදුව හා සුරක්ෂිතව පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

මෙවැනි වැඩසටහන් තුළින් හරිත පරිසරයක් ගොඩනැගීම, පරිසර සංරක්ෂණය පිළිබඳ ජනතාවගේ දැනුවත්භාවය ඉහළ නැංවීම සහ අනාගත පරපුර වෙනුවෙන් සෞඛ්‍ය සම්පන්න පරිසරයක් උරුම කර දීම සඳහා වැදගත් දායකත්වයක් ලබාදෙන බව මෙහිදී අවධාරණය කෙරිණි.

 1781169750052 1781169548553 1781169557412 1781169750052

පුවත් සහ සිදුවීම්

Scroll To Top