![]() |
"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු" "A reliable operator of development" "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"
|
ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නපුවත් සහ සිදුවීම්
රාජ්‍ය සේවා ස්ථාන
මුල් පිටුව
ඉන්දීය සහනාධාර බෙදාදීම
ඉන්දීය ජනතාව ලාංකීය ජනතාව වෙනුවෙන් ලබා දුන් සහනාධාර යටතේ හාල් 125000kg යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වතු ජනතාව සහ අනෙකුත් සහනාධාරලාභීන් වෙත බෙදා දීම අපහසුතා මැද යටියන්තොට ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනි පෙතන්ගොඩ මැතිනියගේ උපදේශකත්වයෙන් සාර්ථක අයුරින් සිදුවිය. මේ දිනවල රටේ පවතින උග්‍ර ඉන්ධන හිගය පැවතියත් අපේ වසම් 32ක පුරාවටම ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දුන් කැලණිවැළි වතු සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එරන්ද වැලිකල මහතා (පනාවත්ත )ඇතුළු කලාපයේ එම වතු සමාගමේ කළමනාකරුවන් සියලු දෙනාටම බොහෝම පිං සිදු වේවා කෙනකුගේ බඩගින්න නිවන්න ලබා දුන් උපකාරයට. තවද නාගස්තැන්න ජනතා වතු සමාගම, බිබිලිඔයේ ලලන්ත මහතා,යටියන්තොට සමූපකාරය සහ මත්තමගොඩ රිස්මි මහතා ඇතුළු ලොරි රථ ලබා දුන් සැමට නැවතත් ස්තුතිය පුදකරමු. එසේම අප කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු මේ සඳහා උදව් වූ අපේ නිලධාරි සැමට ස්තුතියි

නායකත්ව පුහුණු වැඩසටහන
යටියන්තොට ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනි පෙතන්ගොඩ මැතිනියගේ මගපෙන්වීම යටතේ බහුකාර්ය් සංවර්ධන සහායකයින් සදහා ආකල්ප වර්ධනය කිරීමේ අරමුණ ඇතිව සිදුකල උපදේශනය හා නායකත්ව පුහුණු වැඩසටහන යටියන්තොට පරුස්සැල්ල වී ඔය ගං ඉවුරේදී පැවැත්විණි.

ගෙවතු වගාවන් සඳහා බීජ ලබාදීම සහ කොරටු නිරික්ෂණය කිරිම
යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රජාව ගොවිතැන සඳහා නැඹුරු කිරීමේ වැඩසටහන් යටතේ,2022.07.01 දින යටියන්තොට කබුලුමුල්ල ග්‍රාම නිලධාරි වසමේ ගොමාඩුව ගමේ ගෙවතු වගාවන් සඳහා බීජ ලබාදීම සහ කොරටු නිරික්ෂණය කිරිම පුජ්‍ය පොළොන්නරුවේ සමිත පොඩි හාමුදුරුවන් වහන්සේ සහ ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනි පෙතන්ගොඩ මැතිනිය සහභාගී විය.






















