![]() |
"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු" "A reliable operator of development" "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"
|
Service Cluster of Divisional Secretariat
Civil Registrations
Issuance of Permits
Issuing of Certificates
Payment of Pensions
Land Administration
Social Welfare and Benefits
Procurements
Development Program
Find the services we provide...
Please check the relevant category, according to requirement. If you unable to find the information you searched, Please contact us.
Contact UsNews & Events
Government Service Centers
Home
සුදු පෙන සහිත සැඩදිය මත ඔරු පැදීම
සුදු පෙන සහිත සැඩදිය මත ඔරු පැදීම (White Water Rafting) ක්‍රීඩාව සඳහා ලෝක අවධානය දිනාගත් ලංකාවේ එකම ස්ථානය සංවර්ධනය කිරීම සහ දැනට මතුව ඇති ගැටළු වලට පිළියම් සෙවීම වෙනුවෙන් ගරු කෑගල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිනි,කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ මැතිනියගේ ආරාධනයෙන් ක්‍රීඩා හා තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2022-12-14 දින යටියන්තොට, කිතුල්ගල දී එම කර්මාන්තයේ නියලී සිටින ව්‍යවසායකයන් සමඟ හමුවක් පැවැත්විණ. ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්,අතිරේක දිස්ත්‍රික් ලේකම්,යටියන්තොට ප්‍රාදේශීය ලේකම් ප්‍රධානව අදාල ක්ෂේත්‍ර වල නිළධාරීන් රැසක් මෙම හමුව සඳහා සහභාගි වූහ. ව්‍යවසායකයන් රැසක් ද මේ සඳහා සහභාගි වූහ.සාකච්ඡාව අවසානයේ ගරු අමාත්‍යතුමා කර්මාන්තයේ ගැටළු හඳුනා ගැනීම සඳහා ක්ෂේත්‍ර පරික්ෂාවක්ද සිදු කිරීම විශේෂිත විය.

"ජීවිතය සමග ජීවත්වීම" තරුණ සිතට නව ආකල්පමය ප්‍රවේශයක් වැඩසටහන
යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතිඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිනියගේ උපදෙස් හා මග පෙන්වීමෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව සමාජ සේවා අංශය විසින් සංවිධානය කල "ජීවිතය සමග ජීවත්වීම" තරුණ සිතට නව ආකල්පමය ප්‍රවේශයක් වැඩසටහන 2022.12.11 දින බිබිලිඔය ශ්‍රී පිලිමලෙන විහාරස්ථානයේදී පවත්වන ලදි.මේ සදහා මනෝ විද්‍යා උපදේශක පද්මසිරි ගම්ලත් මහතා,මහජන සෞඛ්‍ය පරීක්ෂක හසිත් නුවන් මහතා , සංවර්ධන නිලධාරී ( සමාජ සේවා) දුෂ්මන්ත මහතා සම්පත්දායකත්වය ලබාදෙන ලදි. බෞද්ධ කටයුතු අංශයේ නිලධාරීන්,සමාජ සේවා අංශයේ නිලධාරීන්,සංවර්ධන නිලධාරි සහභාගි විය.

පුණ්‍ය ග්‍රාම -2022
පුණ්‍ය ග්‍රාම -2022 වැඩසටහනට සමගාමීව යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතිඥ ප්‍රියන්ගනී පෙතන්ගොඩ මැතිනියගේ මගපෙන්වීම යටතේ ,යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු අංශයේ සම්බන්ධීකරණයෙන් පවත්වන ලද උපදේශනය හා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කීරීමේ වැඩසටහනක් ගල්පාත ඉන්ද්‍රරතන කනිෂ්ඨ විද්‍යාලයේ දු දරුවන් වෙනුවෙන් අද දින ඉතා සාර්ථකව නිමාවට පත්විය.මේ සදහා සම්පත්දායකත්වය යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපදේශන නිලධාරී පූජ්‍ය පොලොන්නරුවේ සමිත හිමි හා අචිනි මහත්මිය විසින්ද,මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ සංවර්ධන නිලධාරී සංගීත් අනුරාධ මහතා විසින් ද සපයන ලදී.තවද තාක්ෂණික සහය සංවර්ධන නිලධාරී දිලාන් මහතා විසින් ලබා දුන් අතර මෙම වැඩසටහන ඉතා සාර්ථකව නිමා කර ගැනීමට සහය දුන් සැමට වසමේ රාජ්‍ය නිලධාරී එකමුතුවේ ස්තූතිය පුදකර සිටිමු

බහුකාර්ය සංවර්ධන කාර්ය සහායකයින්ගේ ආකල්ප සංවර්ධන වැඩමුලුව
යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බහුකාර්ය සංවර්ධන කාර්ය සහායකයින්ගේ ආකල්ප සංවර්ධනය කිරීම අරමුණ ඇතිව ප්‍රාදේශීය ලේකම් නීතිඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිනියගේ සම්බන්ධීකරණය හා මගපෙන්වීම යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සබරගමු පළාත් සහකාර අධ්යක්ෂ,සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ බාහිර කතිකාචාර්ය විරාජ් එන් බාලසූරිය මහතාගේ සම්පත් දායකත්වයෙන් සාර්ථකව වැඩමුලුවක් සිදුකළ අවස්ථාවකි.2022/11/30 ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ සිදුකළ මෙම වැඩමුලුව සදහා බහුකාර්ය් සංවර්ධන කාර්‍ය් සහායකයින් 105ක් සහභාගි වෙමින් සාර්ථකව සිදුකරමින් අවසන් විය.





















