![]() |
"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු" "A reliable operator of development" "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"
|
Service Cluster of Divisional Secretariat
Civil Registrations
Issuance of Permits
Issuing of Certificates
Payment of Pensions
Land Administration
Social Welfare and Benefits
Procurements
Development Program
Find the services we provide...
Please check the relevant category, according to requirement. If you unable to find the information you searched, Please contact us.
Contact UsNews & Events
Government Service Centers
Home
2023 සමාරම්භය
ශ්‍රී සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!!
2022 ට සමු දෙමින් 2023 ආදරෙයෙන් පිළිඅරගෙන යටියන්තොට ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ ආදරනීය ජනතාව වෙනුවෙන් යහපත් සුහදශීලී සේවයක් කරීමට දිවුරුම් දෙමින් හා සර්ව ආගමික වතාවත් ඉටුකරමින් ප්‍රාදේශීය ලේකම් තුමියගේ වටිනා ආරම්භක කතාවෙන් අලුත් අවුරුද්දේ රාජකාරි ආරම්භ කිරීම ...
අපේ යටියන්තොට ආදරණීය ජනතාවගේ හෙට දවස සාර්ථක වේවා!!!!!!


අමුපිටියට නෑගම් ගිය අපි
**අමුපිටියට නෑගම් ගිය අපි....
කැවිලි ගමක අත්දැකීම් හුවමාරුව**
~~~~~~~~~~~~~~~~~~~~~~~
අත්දැකීම් හුවමාරුව කියන්නේ ව්‍යවසායකයින්ට ගොඩනැගෙන්න ඉතා වටිනා අවස්ථාවක්... ඒ අත්දැකීම් තුළින් ඇති කරවන අභිප්‍රේරණය සහ අභියෝග වලට මුහුණ දීමට ඇති කරවන ශක්තිය ඉතා වටිනවා වගේම එය හුදෙක් දේශනයක් තුළින් හෝ පුහුණු වැඩසටහනක් තුළින් ලබා දීමට නොහැක්කක්.
යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජයවින්දාගම ග්‍රාම නිළධාරී වසමේ පොලටගම අපි නෑගම් ගියේ ඇහැලියගොඩ, අමුපිටිය ගම්මානය කැවිලි ගමක් ලෙස සංවර්ධනය වූ කතා පුවත පිලිබඳව අත්දැකීම් හුවමාරු කර ගැනීමේ වුවමනාවෙන්.
ඔවුන්ගේ මුහුණුවල තිබුණේ බලාපොරොත්තු සහගත සුන්දර සිනහවක්. සියල්ලෝම ලස්සනට කහ පාට අමුපිටිය ලෝගුව සහිත ටීෂර්ට් එකකින් සහ එයටම ගැලපෙන ලුංගියකින් සැරසී සිටීම සුන්දර දසුනක්. දුටුවනක්ම එකම ගොනුවකට එකතු වූ එකම කණ්ඩායමක්ය යන හැගීම නිතැතින්ම අපගේ සිතට ආවා. හැමෝම ආයුබෝවන් කියමින් පිලිගත්තේ හරිම සුහදව. අපේ හිත්වලත් තිබුණේ අනාගතය පිලිබඳව බලාපොරොත්තුවක්.. ඒ සුන්දර පිළිගැනීම තවත් රසවත් කලේ පේළියට කැවිලි පිගන් රැගෙන ආ ආදරණීය ව්‍යවසායකයින්ගේ සංග්‍රහය නිසා.. ඒ ඔවුන්ගේ නිෂ්පාදන වල තිබුණේ අපුරු රසයක්.අමුපිටිය රස සන්නමක් ලෙස ඉදිරියට යන්නට ඔවුන්ගේ මේ නිෂ්පාදන වල පැවැති ගුණාත්මක බව සුවිශේෂ හේතුවක් වන්නට ඇති.එතැන් පටන් අපගේ ව්‍යවසායකයින් මෙ අත්දැකීම් හුවමාරු කරගන්නට පටන් ගත්තා..
අපගේ මේ කර්තව්‍යය සාර්ථක කර ගැනීමට ඔවුන් බොහෝ සෙයින් සංවිධානය වී තිබීම පිළිබඳව පැවසිය යුතුමය. එක් එක් ව්‍යාපාරික ස්ථාන වෙත අපගේ කණ්ඩායම කැදවාගෙන යමින් නිෂ්පාදන ස්ථාන සකස් කිරීමේ පටන් නිෂ්පාදන ක්‍රියාවලිය සිදු කරන ආකාරය පිළිබඳව ඔවුන් අප සමග තොරතුරු බෙදා හදා ගත්තා.
අද දවස අපේ ආදරණිය ව්‍යවසායකයින්ට පමණක් නොව අපේ නිලධාරීන්ටත් සුවිශේෂී අත්දැකීම් සම්භාරයක් එකතු කර ගන්නට හැකි වුනා.
මේ අත්දැකීම ඉතා හරවත් සහ වටිනා අවස්ථාවක් බවට පත් කිරීමට රත්නපුර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්යක්ෂ(අධීක්ෂණ) මනෝරත්න මහතාගේ මගපෙන්වීම ඉතා වැදගත්. නිෂ්පාදන ගමක් බිහි වූ ආකාරයේ සිට ව්‍යවසායකයින්ගේ මැදිහත්වීම සිදුවිය යුතු ආකාරයත් රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීම සිදුවිය යුතු ආකාරයත් ඉතා වටිනා මගපෙන්වීමක් මෙහිදි සිදු වුනා..
මේ සදහා අමුපිටිය ගම්මානයේ ආදරණීය ව්‍යවසායකයින්ගෙන් ලැබුණු දායකත්වය වචන වලට කැටිකල නොහැකියි. ඔවුන්ගේ ඉතා සුහදශීලි පිළිගැනීමත්, ඔවුනගේ අත්දැකීම් කිසිදු ගුරුමුෂ්ටියකින් තොරව අප සමග බෙදා ගැනීමට තරම් ඔවුන් නිහතමානි විම අගේ කළ යුත්තක්. අමුපිටිය රසකැවිලි ගම්මානයේ සියලු ව්‍යවසායකයින්ට වගේම ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් තුමා, එම කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සංවර්ධන නිලධාරීන් ඇතුලු ගනේගොඩ සහ ඉද්දමල්ගොඩ වසම්වල සියලු නිළධාරීන්ට ස්තූතියිවන්ත වන්නේ වැඩසටහනේ දවස පුරා අප සමග රැදෙමින් ඔවුන්ගේ අත්දැකීම් අප සමග බෙදා ගැනීමට තරම් වූ කැපවීම හේතුවෙනි..
ඉතිං මෙය අපට සුවිශේෂී ආරම්භයක්. නිෂ්පාදන ගම්මානයක් ගොඩනැගීම පිළිබඳව යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතිඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිණියගේ හැබෑ වුවමනාව සාක්ෂාත් කරනු පිණිස යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සහ ව්‍යවසායකත්වය සම්බන්ධ සියළු නිලධාරීන් එක මිටකට ගොනු වෙමින් මෙම කාර්තව්‍යයට ගොනු කිරීම සම්බන්ධයෙන් ගරු ප්‍රාදේශීය ලේකම් තුමිය ස්තූතිපූර්වකව සිහිපත් කළ යුතුයි.
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අපගේ සිහිනය වන්නේ මතු දිනයක යටියන්තොට ජයවින්දාගමින් සාර්ථක කැවිලි සන්නාමයක් ලොවපුරා රැගෙන යෑමයි.එසේ වන දිනක අද දවසේ අප සියළු දෙනාගේ වෙහෙසට නිසි සාදාරණත්වයක් වනු ඇත.
අද ලැබූ අත්දැකීම් එහිලා මහත් වූ පන්නරයක් වනු නොඅනුමානයි...
























