![]() |
"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු" "A reliable operator of development" "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"
|
"රටකි, දැයකි ලොවකි ඇය " තේමාව යටතේ සියළු කාන්තාවන් අගයමින් යටියන්තොට මැතිවරණ කොට්ඨාසයේ කාන්තා දින සැමරුම් උත්සවය යටියන්තොට ප්‍රාදේශීයමහ ලේකම් ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිනියගේ මග පෙන්වීම යටතේ 2021.03.12 වන දින අති සාර්ථක ලෙස යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු, යටියන්තොට සහ බුලත්කොහුපිටිය ගරු සම්බන්ධීකරණ සභාපති කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රාජිකා වික්‍රමසිංහ සහයටියන්තොට ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක හිටපු පලාත් සභා ගරු අමාත්‍ය ශ්‍රීලාල් වික්‍රමසිංහ යන අයගේ ආරාධනය පරිදි වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු,පළතුරු,මිරිස්, ළුෑණු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම ගරු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්කෑගල්ල දිස්ත්‍රික් මහ දිසාපති මහින්ද එස් වීරසූරිය මහතාගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පවත්වන ලදී. මේ අවස්ථාවට බුලත්කොහුපිටිය ප්‍රාදේශීය මහලේකම්තුමිය සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී විය.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
|
යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පෙර පාසල් දරුවන් සඳහා අත්‍යවශ්‍ය සනීපාරක්ෂක උපකරණ බෙදා දීමේ උත්සවය 2021.02.15 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ප්‍රධාන රැස්වීම් ශාලාවේදී පවත්වන ලදී.


සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන යටතේ කිතුල් නිෂ්පාදන ගම්මාන වැඩසටහන ආරම්භ කිරීම 2021.03.06 දින යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.



73 වන නිදහස් සැමරුම හොරන්දල විද්‍යාලෝක විද්‍යාලයේදී 2021.02.04 දින පවත්වන ලදී.මීට අමතරව වසම් මට්ටමින් ශ්‍රමදාන වැඩසටහන් හා රුක් රෝපණ වැඩසටහන් පවත්වන ලදී



.























