![]() |
"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු" "A reliable operator of development" "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"
|
Service Cluster of Divisional Secretariat
Civil Registrations
Issuance of Permits
Issuing of Certificates
Payment of Pensions
Land Administration
Social Welfare and Benefits
Procurements
Development Program
Find the services we provide...
Please check the relevant category, according to requirement. If you unable to find the information you searched, Please contact us.
Contact UsNews & Events
Government Service Centers
Home
ප්‍රතිලාභීන් වෙත ස්වයං රැකියා සඳහා උපකරණ බෙදා දීමේ වැඩසටහන
සමෘද්ධි හා අඩු ආදායම්ලාභී ගෘහ ඒකක ලක්ෂ දෙකක් සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ 2022.02.22 දින යටියන්තොට ප්ර්රාදේශීය මහ ලේකම් කාර්යාලයේදී ප්‍රතිලාභීන් වෙත ස්වයං රැකියා සඳහා උපකරණ බෙදා දීමේ වැඩසටහන පවත්වන ලදී. ගෘහ ආර්ථික,ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මකය. මෙයට සමගාමීව පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ මැතිණියගේ විමධ්‍යගත අරමුදල හරහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ලියාපදිංචි ස්වෙච්ඡා සමිති 52 ක් සඳහා LED ෆෑෂ් ලයිට් බෙදා දීම ද සිදු විය.එසේම වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක "එක් ග්‍රාම නිලධාරි වසමකට එක් ව්‍යවසායකයෙකු බිහි කිරීම" දෙවන අදියර යටතේ උපකරණ බෙදා දීමද සිදු විය . කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති , යටියන්තොට සහ බුලත්කොහුපිටිය සම්බන්ධීකරණ කමිටු සභාපති කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ මැතිණිය හා යටියන්තොට ප්ර්රාදේශීය ලේකම් නීතිඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිණියගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන රාජ්‍ය නිලධාරීන් හා ප්‍රාදේශීය දේශපාලන නායකයින්ගේ ද සහභාගිත්වයෙන් සිදු විය.

කතන්දර කඳවුර
යටියන්තොට ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් හා මග පෙන්වීම් වලට අනුව පවත්වන ලද "කතන්දර කඳවුර" වැඩසටහන 2022.02.24 දින මහවිල රන් කැකුළු පෙර පාසලේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරීතුමිය ,මුල් ළමාවිය සංවර්ධන නිලධාරීතුමිය හා ඵලදායිතා නිලධාරීන් ඇතුළු පිරිසගේ එකමුතුවෙන් මෙසේ සිදුවිය ....

වී ඔය ආශ්‍රිතව පැල සිටුවීම හා ශුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහන
සැමට නෑමට හා බීමට හැකි ජල සම්පතක් ලබාදීම අරමුණු කර ගනිමින් කැළණිවැලි වතු සමාගම මගින් සංවිධානය කළ වී ඔය ආශ්‍රිතව පැල සිටුවීම හා ශුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාව 2022.02.28 දින යටියන්තොට ප්‍රාදේශීය ලේකම්තුමිය ,මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් ,යටියන්තොට ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ,පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන් හා එක්ව පැවැත්විය.මේ සඳහා IUCN ආයතනය දායකත්වය ලබා දෙන ලදී.

ස්වයං රැකියා සඳහා උපකරණ බෙදා දීමේ වැඩසටහන
"සොබා දහම් මාතාව සුරකිමු පණ මෙන් " යන අපුර්වතම සංකල්පය පෙරදැරිව කැළණි ගගේ කැටේ දූපත අසල කුඹුක් පැළ රෝපණ වැඩසටහනක් සහ ශ්‍රමදානයක් 2022/03/01 දින පෙ:ව 9.00 - ප:ව 2.00 දක්වා යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතීඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිණිය, ස්ව ශක්ති සංවිධානයේ සාමාජිකයන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හා කාන්තා ඒකකයේ නිලධාරීන්, සමාජ සේවා නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් ,ආර්ථික සංවර්ධන නිලධාරින් ඇතුළු නිලධාරීන් බොහොමයක් ද කිතුල්ගල පොලිස් ස්ථානාධිපති තුමා ඇතුළු පොලිස් නිලධාරීන් ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ළමා සමාජ දරුවන් , ප්‍රාදේශීය ළමා සභාවේ දරුවන් ,වැඩිහිටි බල මණ්ඩලයේ වැඩිහිටියන් එක්වෙමින් පවත්වන ලදී .මේ සදහා කිතුල්ගල පොලිස් ස්ථානය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා අත්වැල් බැඳ ගන්නා ලදී.

























