![]() |
"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු" "A reliable operator of development" "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"
|
Service Cluster of Divisional Secretariat
சிவில் பதிவுகள்
அனுமதி வழங்கல்
சான்றிதழ்கள் வழங்குதல்
ஓய்வூதிய கொடுப்பனவு
நில நிர்வாகம்
சமூக நலம் மற்றும் நன்மைகள்
சமுர்த்தி திட்டம்
கொள்முதல்கள்
அபிவிருத்தி திட்டம்
எம்மால் வழங்கப்படும் சேவைகளைக் கண்டறிய...
தேவைக்கேற்ப, தொடர்புடைய வகையைச் சரிபார்க்கவும். நீங்கள் தேடிய தகவலை உங்களால் கண்டுபிடிக்க முடியவில்லை என்றால், தயவு செய்து எங்களை தொடர்பு கொள்ளவும்.
தொடர்புகளுக்குNews & Events
அரசு சேவை மையங்கள்
முகப்பு
ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන
"යටියන්තොට ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන"
යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතිඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිනියගේ පූර්ණ උපදේශකත්වයෙන් කාර්යාලයේ වනිතා කටයුතු සහ ළමා ඒකකය විසින් 2022.03.12 සංවිධානය කරන ලද අතර මේ සඳහා කෑගල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපති , යටියන්තොට ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ මැතිනිය ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් මෙන්ම ප්‍රාදේශීය කාන්තා බලමණ්ඩලයේ සාමාජිකාවන් සහ කාර්යාලයේ සහෝදර කාර්යමණ්ඩලය සහභාගී විය.
මෙහිදී පැමිණ සිටි 200ක් පමණ කාන්තාවන් වෙනුවෙන් "ව්‍යවසායකත්වය තුලින් රටේ සංවර්ධනයට ලක් වනිතාව" මැයෙන් අභිප්‍රේරණ වැඩසටහනක් සහ ගීත රසවින්දන වැඩසටහනක් ප්‍රවීණ මනෝවිද්‍යා උපදේශක,ව්‍යවසායකත්ව පුහුණු කරු දර්ශන වර්ණසේකර මැතිතුමාගේ සම්පත් දායකත්වයෙන් සිදුවිය.


බෝධි පූජාව හා ධර්ම දේශනාව
යටියන්තොට ප්‍රාදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීම හා පොළොන්නරුවේ සමිත ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වය මත සමාජ සේවා අංශයේ මෙහෙයවීමෙන් ස්ව ශක්ති සංවිධානය විසින් 2022.03.10 දින යටියන්තොට ශ්‍රි නන්දාරාම විහාරස්ථානයේදී බෝධි පූජාවක් හා ධර්ම දේශනාවක් පවත්වා සංවත්සර නිලවරණය පවත්වන ලදි. මෙම අවස්ථාවට බෞද්ධ කටයුතු ,සංස්කෘතික,ග්‍රාම සංවර්ධන අංශ සහයෝගය ලබා දෙන ලදි.

වී ඔය වතු ප්‍රජාවගේ පෝෂණය ඉහල නැංවීම සඳහා පෝෂ්‍යදායී ආහාර සකස් කිරීම පිලිබඳ ප්‍රායෝගික පුහුණුව
යටියන්තොට ප්‍රාදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීම යටතේ් වැවිලි ප්‍රජාවට සුවැති දිවියක් යන මැයෙන් 2022.03.09 වන දින යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වී ඔය වතු ප්‍රජාවගේ පෝෂණය ඉහල නැංවීම සඳහා පෝෂ්‍යදායී ආහාර සකස් කිරීම පිලිබඳ ප්‍රායෝගික පුහුණුවක් පවත්වන ලදී.ඊට අමතරව ගෙවතු වගාව සඳහා කොම්පෝස්ට් පොහොර සැකසීම පිලිබඳ ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් ,ගෘහස්ථ ඵලදායිතා ගෙවතු වගාව පිලිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පවත්වන ලදී.මේ සඳහා මල්වත්ත ආයුර්වේද රෝහලේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැවිලි ප්‍රජා නිලධාරී ,ඵලදායිතා සංවර්ධන නිලධාරීන් ,කෘෂිකර්ම සංවර්ධන නිලධාරීන් ,විදේශ රැකියා සංවර්ධන නිලධාරීන් හා පරිසර සංවර්ධන නිලධාරීන් සහභාගී විය
.

\

කැළණි ගගේ පේර කැටේ දූපත අසල කුඹුක් පැළ රෝපණ වැඩසටහන
"සොබා දහම් මාතාව සුරකිමු පණ මෙන් " යන අපුර්වතම සංකල්පය පෙරදැරිව කැළණි ගගේ පේර කැටේ දූපත අසල කුඹුක් පැළ රෝපණ වැඩසටහනක් සහ ශ්‍රමදානයක් 2022/03/01 දින පෙ:ව 9.00 - ප:ව 2.00 දක්වා යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතීඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිණිය, ස්ව ශක්ති සංවිධානයේ සාමාජිකයන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හා කාන්තා ඒකකයේ නිලධාරීන්, සමාජ සේවා නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් ,ආර්ථික සංවර්ධන නිලධාරින් ඇතුළු නිලධාරීන් බොහොමයක් ද කිතුල්ගල පොලිස් ස්ථානාධිපති තුමා ඇතුළු පොලිස් නිලධාරීන් ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ළමා සමාජ දරුවන් , ප්‍රාදේශීය ළමා සභාවේ දරුවන් ,වැඩිහිටි බල මණ්ඩලයේ වැඩිහිටියන් එක්වෙමින් පවත්වන ලදී .මේ සදහා කිතුල්ගල පොලිස් ස්ථානය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා අත්වැල් බැඳ ගන්නා ලදී.






















