"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු"        "A reliable operator of development"    "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"

"දල්ලෙන් දළුලන රටක් - තේ ගම්මාන 500ක් "ජාතික වැඩසටහන

කුඩා තේ වතු හිමියන්ගේ ආර්ථිකය සවිබක ගැන්වීමේ අරමුණින් ක්‍රියාත්මක "දල්ලෙන් දළුලන රටක් - තේ ගම්මාන 500ක් " ජාතික වැඩසටහනට සමගාමීව යටියන්තොට කොට්ඨාසයේ සීපෝත් හා මහබාගේ වසම් තේ ගොවි ගම්මාන ලෙස නම් කර වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එහි පළමු අදියර ලෙස "සීපෝත් තේ ගොවි ගම්මානය" පිහිටුවීම පසුගියදා ( 16) කෑගල්ල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී යටියන්තොට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ආචාර්‍ය නන්දන මිල්ලගල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.

සීපෝත් විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් ඇරඹි මෙම වැඩසටහන සඳහා යටියන්තොට ප්‍රාදේශීය සභාවේ ගරු මන්ත්‍රීවරුන්, යටියන්තොට ප්‍රාදේශීය ලේකම් ඩී අනෝමා දිසානායක මැතිණිය, තේ ව්‍යාප්ති පර්යේෂණ නිලධාරී, සීපෝත් වසමේ ග්‍රාම නිලධාරීතුමිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්, සීපෝත් තේ සමිතියේ සාමාජිකයින් ඇතුළු ගම්වාසීන් විශාල පිරිසක් සම්බන්ධ වූහ.

 

178453743290117845374512831784537503586

පුවත් සහ සිදුවීම්

Scroll To Top