සමෘද්ධි හා අඩු ආදායම්ලාභී පවුල් දෙලක්ෂයක් කේන්ද්‍ර කරගත් අංග සම්පූර්ණ ගෘහ නේවාසික ආර්ථිකයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ ජීවනෝපාය සංවර්ධන උපකරණ හාජමුනා බාරි එළිච්චියන් ප්‍රතිලාභීන් 10 දෙනෙකු හට ලබාදීම .2022.01.06 වන දින සබරගමුව පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය, යටියන්තොට බුලත්කොහුපිටිය සම්බන්ධීකරණ කමිටුවේ උප සභාපති ශ්‍රීලාල් වික්‍රමසිංහ මැතිතුමා හා යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතිඥ ප්‍රියංගනි පෙතන්ගොඩ මැතිණියගේ ප්‍රධානත්වයෙන්, යටියන්තොට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකරන ලදි.
















