![]() |
"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු" "A reliable operator of development" "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"
|
ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ දිරිය පියස නිවාස වැඩසටහන යටතේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉදිකිරීමට යෝජිත නිවාස දෙකක් සදහා මුල්ගල් තැබීම ගරු කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති, යටියන්තොට සහ බුලත්කොහුපිටිය ගරු සම්බන්ධීකරණ කමිටු සභාපති කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ මැතිණියගේ හා යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතීඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිණියගේ ප්‍රධානත්වයෙන් අද දින නෙළුවතුකන්ද , පොල්පිටිය වසම් වලදී සිදුකළ අයුරු කැමරා ඇසින් .... මේ සඳහා පොල්පිටිය සහ නෙලූවතුකන්ද වසමේ සියලුම නිලධාරීන් ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරීන් ද සහභාගි විය.

" සියල්ලටම පෙර දරුවන් " යන උදාරතර තේමාව යටතේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියලුම ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් ලෝක ළමා දින සැමරුම හා අත්වැල් බැඳගැනීමට කටයුතු සංවිධානය කර ඇත.
"කුසගිනි නැති තුරුලිය ඇති දැහැමි රටක් ගොඩනැගීමේ" ළමා ආරක්ෂණ බලකාය පිහිටුවීම හා සෑම ග්‍රාම නිලධාරි කොට්ඨාශයකම ළමා සමාජ,පෙර පාසල් ,ග්‍රාමීය කමිටු කේන්ද්‍ර කර ගනිමින් කොස්පැළ 1000 ක් රෝපණය කිරීමට අවශ්‍ය කටයුතු සකස් කෙරෙන අයුරු........


















