"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු"        "A reliable operator of development"    "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"

'දිට්වා' ආපදා තත්ත්වය හේතුවෙන් අධිඅවදානම් ලෙස නම්කළ, නෙළුවතුකන්ද ග්‍රාම නිලධාරී වසමට අයත් හල්ගොල්ල වත්තේ පදිංචිව සිටි පවුල් 17ක් සඳහා නව නිවාස ඉදිකර ගැනීමට අදාළ පළමු වාරිකයේ චෙක්පත් පිරිනැමීම සහ මුල්ගල් තැබීම 2026.11.02 දින මීගස්තැන්න ග්‍රාම නිලධාරී වසමේදී සාර්ථකව සිදු කෙරිණි.

මීගස්තැන්න, පනාවත්ත නොම්මර 02 කොටසින් පර්චස් 10 බැගින් වූ ඉඩම් කට්ටි මෙහිදී ප්‍රතිලාභීන් වෙත නිල වශයෙන් ප්‍රදානය කරන ලද අතර, ඊට සමගාමීව පැළ සිටුවීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක විය.

 කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා යටියන්තොට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ආචාර්‍ය නන්දන මිල්ලගල සහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම්/දිසාපති කේ.ජී.එස්. නිශාන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය, යටියන්තොට ප්‍රාදේශීය ලේකම් අනෝමා දිසානායක මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්, වතු අධිකාරීවරුන් සහ ප්‍රතිලාභී ජනතාව සහභාගී වූහ.

1793699359946  1793699363545 1793699367644 1793699369846

1793699375733 1793699380263

1793699391203 1793699397858

පුවත් සහ සිදුවීම්

Scroll To Top