"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු"        "A reliable operator of development"    "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"

"සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්"
රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීම අරමුණු කරගනිමින්, "සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" ජාතික වැඩසටහනට සමගාමීව පැවැත්වෙන "ජාතික සුපිළිපන් සතිය" වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දීමේ විශේෂ වැඩසටහන, ප්‍රාදේශීය ලේකම් ඩී. අනෝමා දිසානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 27 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී උත්සවාකාරයෙන් පැවැත්විණි.

? සහභාගී වූ විශේෂ අමුත්තන්
මෙම අවස්ථාව සඳහා පහත සඳහන් ප්‍රධාන පරිපාලන නිලධාරීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් එක්ව සිටියහ:

සහකාර ප්‍රාදේශීය ලේකම්

පරිපාලන නිලධාරී

පරිපාලන ග්‍රාම නිලධාරී

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ සමස්ත කාර්ය මණ්ඩලය

1785220177916   1785220186032

 

 

 

පුවත් සහ සිදුවීම්

Scroll To Top