"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු"        "A reliable operator of development"    "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"

ආපදා කඳවුරු කළමනාකරණය පිළිබඳ නිලධාරීන් සඳහා බැහැරගත පුහුණු වැඩසටහනක්

යටියන්තොට ප්‍රාදේශීය ලේකම් ඩී. අනෝමා දිසානායක මහත්මියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් නදීශානි කේ. වේරගල මහත්මියගේ මඟපෙන්වීම යටතේ, පුහුණු අංශය විසින් සංවිධානය කරන ලද “ආපදා කඳවුරු කළමනාකරණය පිළිබඳ බැහැරගත පුහුණු වැඩසටහන” (17 වන දින) සීපෝත්, නාගස්තැන්න සහ සෝත්තුවත්ත ප්‍රදේශ ආශ්‍රිතව පවත්වන ලදී.

හිටපු බාලදක්ෂ දිස්ත්‍රික් කොමසාරිස් පී. එස්. ගෞතමදාස මහතා සහ දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරී චන්න ජයවර්ධන මහතා විසින් මෙම වැඩසටහන සඳහා අවශ්‍ය සම්පත් දායකත්වය ලබා දෙන ලදී.

හදිසි ආපදා තත්ත්වයන්හිදී කඳවුරු කළමනාකරණය සිදු කිරීම පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන ලදී. කූඩාරම් සකස් කිරීමේදී අවධානය යොමු කළ යුතු කරුණු, අවම පහසුකම් යටතේ ආහාර පිළියෙළ කිරීම සහ ඒ හා සම්බන්ධ අනෙකුත් කාර්යයන් පිළිබඳව ද නිලධාරීන් දැනුවත් කරන ලදී.

සහකාර ප්‍රාදේශීය ලේකම් නදීශානි කේ. වේරගල මහත්මිය, පරිපාලන නිලධාරී ජී. කේ. පී. එස්. කුමාර මහතා, ග්‍රාම නිලධාරීන්, ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරීන් සහ ක්ෂේත්‍ර නිලධාරීන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම වැඩසටහන සඳහා සහභාගී වූහ.

පුහුණු අංශයේ සංවර්ධන නිලධාරී ඩිලාන් ජයලත් මහතා ඇතුළු නිලධාරීන් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහන සාර්ථකව පැවැත්වීම සඳහා වටිනා සහයෝගයක් ලබා දුන් සීපෝත් විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ, නාගස්තැන්න වතු අධිකාරීතුමන් සහ එහි කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාට අපගේ අවංක හා ගෞරවනීය ස්තූතිය පුද කර සිටිමු.

178453603833717845360402391784536076086

1784536044303 1784536051577 1784536048778

පුවත් සහ සිදුවීම්

Scroll To Top