පුණ්‍ය ග්‍රාම -2022 වැඩසටහනට සමගාමීව යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතිඥ ප්‍රියන්ගනී පෙතන්ගොඩ මැතිනියගේ මගපෙන්වීම යටතේ ,යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ බෞද්ධ කටයුතු අංශයේ සම්බන්ධීකරණයෙන් පවත්වන ලද උපදේශනය හා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කීරීමේ වැඩසටහනක් ගල්පාත ඉන්ද්‍රරතන කනිෂ්ඨ විද්‍යාලයේ දු දරුවන් වෙනුවෙන් අද දින ඉතා සාර්ථකව නිමාවට පත්විය.මේ සදහා සම්පත්දායකත්වය යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ උපදේශන නිලධාරී පූජ්‍ය පොලොන්නරුවේ සමිත හිමි හා අචිනි මහත්මිය විසින්ද,මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ සංවර්ධන නිලධාරී සංගීත් අනුරාධ මහතා විසින් ද සපයන ලදී.තවද තාක්ෂණික සහය සංවර්ධන නිලධාරී දිලාන් මහතා විසින් ලබා දුන් අතර මෙම වැඩසටහන ඉතා සාර්ථකව නිමා කර ගැනීමට සහය දුන් සැමට වසමේ රාජ්‍ය නිලධාරී එකමුතුවේ ස්තූතිය පුදකර සිටිමු
















