"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු"        "A reliable operator of development"    "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"

සමෘද්ධි හා අඩු ආදායම්ලාභී ගෘහ ඒකක ලක්ෂ දෙකක් සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ 2022.02.22 දින යටියන්තොට ප්‍ර්‍රාදේශීය මහ ලේකම් කාර්‍යාලයේදී ප්‍රතිලාභීන් වෙත ස්වයං රැකියා සඳහා උපකරණ බෙදා දීමේ වැඩසටහන පවත්වන ලදී. ගෘහ ආර්ථික,ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මකය. මෙයට සමගාමීව පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ මැතිණියගේ විමධ්‍යගත අරමුදල හරහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ලියාපදිංචි ස්වෙච්ඡා සමිති 52 ක් සඳහා LED ෆෑෂ් ලයිට් බෙදා දීම ද සිදු විය.එසේම වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක "එක් ග්‍රාම නිලධාරි වසමකට එක් ව්‍යවසායකයෙකු බිහි කිරීම" දෙවන අදියර යටතේ උපකරණ බෙදා දීමද සිදු විය . කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති , යටියන්තොට සහ බුලත්කොහුපිටිය සම්බන්ධීකරණ කමිටු සභාපති කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ මැතිණිය හා යටියන්තොට ප්‍ර්‍රාදේශීය ලේකම් නීතිඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිණියගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන රාජ්‍ය නිලධාරීන් හා ප්‍රාදේශීය දේශපාලන නායකයින්ගේ ද සහභාගිත්වයෙන් සිදු විය.274359568 460159679103204 7612884167386409703 n 274580786 460160415769797 8278161040417622160 n 274582234 460160532436452 7929524082894077789 n 274582958 460160509103121 3096186493715397661 n 274612327 460160442436461 5735658512925961887 n 274701789 460160575769781 5365849044144532525 n 274694796 460160362436469 45770220538704553 n 274677521 460160185769820 6474157322841594240 n 274657443 460160552436450 7069131187219582173 n

පුවත් සහ සිදුවීම්

Scroll To Top