ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ පවුල් ලක්ෂ 02ක් සවිබල ගැන්වීමේ අරමුණ පෙරදැරිව කුකුල් පාලනය සිදු කරනු ලබන ප්‍රතිලාභීන් සඳහා ,
කුකුල් කෑම හා වතුර භාජන,දැල් ආදී උපකරණ ලබාදීම
රූපලාවන්‍යාගාර සඳහා අවශ්‍ය උපකරණ 05ක්,
බිම්මල් ව්‍යාපාරිකයන් සඳහා අවශ්‍ය උපකරණ ,
අලෙවිසැල් සඳහා බොතල් කූලර්
බෙදාදීමේ වැඩසටහන 2021.12.30 දින සබරගමුව පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය , යටියන්තොට, බුලත්කොහුපිටිය සම්බන්ධීකරණ කමිටුවේ උප සභාපති ශ්‍රිලාල් වික්‍රමසිංහ මහතා සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතීඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා යටියන්තොට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්,ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුවිය.තවද මෙහිදී යටියන්තොට හා කිතුල්ගල කලාපයෙහි ප්‍රතිලාභීන් සඳහා පොල් පැල 1000ක් බෙදාදීම සිදුවිය .

















