![]() |
"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු" "A reliable operator of development" "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"
|
කබුළුමුල්ල වසමේ "සිරිකදු" කාන්තා සමිතිය මගින් පවත්වන ලද ගැමිදිරිය පොළ
"ගමේ අපි ගමේ සංවර් ධනයට"
-----------------------------------------------------------
කබුළුමුල්ල වසමේ "සිරිකදු" කාන්තා සමිතිය මගින් පවත්වන ලද ගැමිදිරිය පොළ 2022.10.11වන දින ගල්පාත හංදියේදී පැවැත්විණි. මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට සහයෝගය ලබා දුන් ප්‍රදේශීය ලේකම්තුමිය හා සහකාර ප්‍රදේශීය ලේකම්තුමිය ඇතුළු වසමේ සියළු නිලධාරින් හා වනිතා කටයුතු ඒකකයේ නිලධාරින් ඇතුළු ගම් වාසීන් සියළු දෙනාටම ස්තූතිය පුද කරමි.

බුද්ධ මණ්දිරය 2022.10.05 සුබ මොහොතින් සසුනට පූජා කිරීම
"සුඛෝ බුද්ධානං උප්පාදෝ"
බුදුවරුන්ගේ ලොව පහල වීම සැපතකි...
යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ අභිනවයෙන් ඉදිකෙරුණු බුද්ධ මණ්දිරය 2022.10.05 පෙ.ව .08.59ට යෙදුණු සුබ මොහොතින් සසුනට පූජා කිරීම යටියන්තොට ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති මාහිමිපාණන් ප්‍රධාන මහ සංඝරත්නයේ සහ ප්‍රාදේශීය ලේකම් තුමිය ප්‍රධාන තත් කාර්යාල නිලධාරින් සහ කොට්ඨාසයේ සහොදර රාජ්‍ය ආයතන ප්‍රධානින්, යටියන්තොට ප්‍රාදේශීය දේශපාලන නායකයින්, ආධාර ලබා දුන් පරිත්‍යාගශිලීන් ඇතුළු සැදැහැවතුන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණි. එසේම දහවල් සාංඝික දානමය පිංකමක් ද මහ සංඝරත්නය විශයෙහි පවත්වන ලදි. තවද මෙම සම්බුද්ධ මංදිරයේ බුද්ධ ප්‍රථිමාව පූජා කරන ලද්දේ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සොභිත නාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය පුත්‍ර ඇඹිලිපිටියේ ගුණසිරි හිමියන් ප්‍රධාන තත් ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා වන අතර උන්වහන්සේලා ප්‍රධාන ආධාර කල, දැක සාධු කියා වචනයෙන් හරි උදව් කල සැමට නිවනේ රන් දොරටු විවර වේවා....!!!!


156 වන පලිස් සංවත්සරය නිමිත්තෙන් පවත්වන ලද ක්‍රිකට් තරඟාවලිය
156 වන පොලිස් සංවත්සරය නිමිත්තෙන් පවත්වන ලද ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය දිනාගත් යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය කණ්ඩායමට ප්‍රාදේශීය ලේකම් නීතීඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිණිය ශුභ පැතුම් එක්කරමින්.........

"සිනහ දකින අපේ ලොවක්" ලෝක ළමා දින වැඩසටහන - 2022


සාගතයට පිළියමක් සාරවත් යටියන්තොටක් .....
















