දිට්වා ආපදාවට පත්වූවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන Rebuilding Sri Lanka වැඩසටහන යටතේ යටියන්තොට කොට්ඨාසයට අදාල ප්‍රගතිය විමසා බැලීම 2026.05.15 දින කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති,කෑගල්ල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.මෙහිදී නැවත පදිංචි කිරීමේ වැඩපිලිවෙල විධිමත් කිරීම පිළිබඳවත් එහි වත්මන් ප්‍රගතිය පිලිබඳවත් සාකච්ඡා කරන ලදී.මේ සඳහා යටියන්තොට සම්බන්ධිකරණ කමිටු සභාපති ,කෑගල්ල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නන්දන මිල්ලගල මැතිතුමා,යටියන්තොට ප්‍රාෙද්ශීය සභාවේ සභාපති තරිඳු දෙවනගුරු මැතිතුමා ඇතුළු දේශපාලන අධිකාරිය,කෑගල්ල දිස්ත්‍රික් ලේකම්/දිසාපති කේ.ජී.එස්.නිශාන්ත මහතා,කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම්/දිසාපති ජී දිලිප් නිශාන්ත මහතා, යටියන්තොට සහකාර ප්‍රාෙද්ශිය ලේකම් නදීශානි කේ වේරගල මහත්මිය,සහකාර අධ්‍යක්ෂ කල්පනී කුරුළුගම මහත්මිය,පරිපාලන ග්‍රාම නිලධාරී ලලිත් රංජිත් මහතා ඇතුළු ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්,වතු අධිකාරීවරුන් ,යටියන්තොට පොලිසියේ නිලධාරීන්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඇතුළු රාජ්‍ය ආයතන රැසක නිලධාරීන් සහභාගි වූහ.















