"සිනහ දකින අපේ ලොවක්" යන තේමාව පාදක කර ගනිමින් 2022.10.01 වන දින පෙ.ව 9.30 - ප.ව 2.00 දක්වා කෑ/දෙහි/ දොඹේපොල කණිෂ්ඨ විද්‍යාලයේ දී දරුවන් 165ක් ඉලක්ක කර ගනිමින් කෑ/දෙහි/ ගගසිරිකුමර විද්‍යාලය හා ඒකාබද්ධව අපේ දරුවන් වෙනුවෙන් ලෝක ළමා දින වැඩසටහන උත්කර්ෂවත් අයුරින් සැමරූ වගයි.
භූගෝලීය වශයෙන් අතිදුෂ්කර,දැඩි ආර්ථික දුෂ්කරතා සහිත දිළිදු පවුල්වල පුංචි මල් කැකුළු විකසිත කරන්නට නවමු වැඩසටහන් පෙළක් එහිදී ගෙන එන ලදී.
පළමු අදියර ලෙස ලෝක ළමා දින වැඩසටහනේ සමාරම්භක උත්සවය මනරම් අයුරින් ඇරඹීය.එහිදී දෙඹේපොල විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ,යටියන්තොට ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ විහාරවාසී පොලොන්නරුවේ සමිත ස්වාමීන් වහන්සේ,යටියන්තොට ප්‍රාදේශීය ලේකම්තුමිය වන නීතීඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මහත්මිය ,සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය වන මනෝරි නෙලුන්දෙණිය මෙනවිය ඇතුලු කාර්ය මණ්ඩලය,සීතාවකපුර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ අංශයේ ස්ථානාධිපති ධර්මා නිරෝශනී මහත්මිය,යටියන්තොට පොලිස් ස්ථානය නියෝජනය කරමින් ප්‍රජා පොලිස් නිලධාරීතුමා,අරලිය පොකුර විදුහල්පති සංසදයේ විදුහල්පතිවරුන්,ගුරුවරුන්,දරුවන් හා දෙමව්පියන් ළමා දින වැඩසටහන සමග අත්වැල් බැදගන්නා ලදී.
එමෙන්ම 1-5 වසරවල දරුවන් වෙනුවෙන් යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා අංශයේ නිලධාරීන් ගී ගයමින්,නටමින් දරුවන් සමග ඉතා සතුටින් කාලය ගත කරන ලදී.
6-11 වසරවල දරුවන් වෙනුවෙන් යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් නායකත්ව පුහුණු වැඩමුළුවක් පැවැත්විය.
ඉන් අනතුරුව එම දරුවන් වෙනුවෙන් ම යටියන්තොට පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් නිලධාරිතුමන් විසින් සුවිශේෂී දැනුවත් කිරීමක් ද සිදු කරන ලදී.
දෙමව්පියන් වෙනුවෙන් ද ඉතා සුවිශේෂී දේශනයක් යටියන්තොට ප්‍රාදේශීය ලේකම්තුමිය වන නීතීඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මහත්මිය සිදු කරන ලද අතර එහිදී දරුවෙකු කුඩා කළ සිට තම ජීවන දුෂ්කරතා ,අභියෝග ලෙස දකිමින් දරුවන් ශක්තිමත් කල යුතු ආකාරය පිලිබද කාලෝචිත උදාහරණය සමගින් අරුත්බර දිග හැරුමක් ගෙන එන ලදී.ඉන්පසු තම ජීවන අත්දැකීම් යොදා ගනිමින් දරුවන් බලගැන්විය යුතු ආකාරය පිලිබද නීතිමය රාමු ඔස්සේ සීතාවකපුර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ අංශයේ ස්ථානාධිපති ධර්මා නිරෝශනී මහත්මිය විසින් පවත්වන ලදී.
මෙම වැඩසටහනේ සමාප්තිය සමග දරුවන් සදහා රතුකුරුස සංවිධානය විසින් ලබා දුන් තෑගි ප්‍රධානය කිරීමෙන් අනතුරුව යටියන්තොට ප්‍රාදේශීය ලේකම්තුමියගේ සම්බන්ධීකරණය මගින් දරුවන් සදහා දිවා ආහාරයද,ග්‍රාම නිලධාරි වසමේ රාජ්‍ය නිලධාරින් විසින් අයිස්ක්‍රීම් ද ලබා දෙන ලදී.
මෙම ළමා දින වැඩසටහන පුංචි දරුවන්ගේ සිත්වල අපූරු අත්දැකීමක් එක කරනු නොඅනුමානය .
















