"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු"        "A reliable operator of development"    "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"

යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරන්නට යෙදුන අන්තර් ආයතනික සුහඳ ක්‍රිකට් තරඟාවලිය 2022 මාර්තු 17 දින යටියන්තොට වින්සන්ට් පෙරේරා ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. මෙහිදී තරග වැදුනු කණ්ඩායම් අතර රාජ්‍ය ආයතන සහ පුද්ගලික ආයතන කිහිපයක් විය. මෙම සුහඳ ක්‍රිකට් තරගාවලියේ සූරතාවය යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාල කණ්ඩායමද අනුශූරතාවය යටියන්තොට ප්‍රාදේශීය සභා කණ්ඩායම් දිනා ගන්නා ලදී. අනිත් සෙසු කණ්ඩායම්ද පිත්තත් පන්දුවත් අතර දෝලනය වෙන සොඳුරු ක්‍රිකට් තරගාවලියක අත්දැකීම් විද ගනිමින් සුහදතාව ඉතුරු කෙරු අපූර්වතම තරගාවලිය එසේ නිමාවට පත්විය.
විශේෂ ස්තුතිය යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතිඥ ප්‍රියංගනි පෙතන්ගොඩ මැතිනියට, යටියන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.ඩ් වසන්ත මැතිතුමාට,කැලණිවැළි වතු සමාගමේ පනාවත්ත,වී ඔය, ගනේපල්ල,කැලණි යන වතුවල වතු අධිකාරිවරුන් ඇතුළු සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සැමට,කිතුල්ගල රෝහල් කණ්ඩායම, කිතුල්ගල සමුර්දි බැංකු කණ්ඩායම, යටියන්තොට ප්‍රාදේශීය සභා කණ්ඩායම සහ යටියන්තොට ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාල කණ්ඩායම් වල සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සැමට. තරඟාවලියේ ජීව ගුණය රැක දුන් විනිසුරු දෙපල වන නිශාන්ත, අකලංක සහ ලකුණු සටහන් ක‍රමින්, නිවේදන කටයුතු කල ගාමිණි සහ විරාජ් සොයුරන් හටද, හදිසි අවස්ථාවේ විදුලිජනක යන්ත්‍රය සැපයූ ගොමාඩුව නෙත්මි හයරින් දීපාල් මහතා ඇතුළු නන් අයුරින් උදව් කල සැමට අපේ හදපිරි ස්තුතිය.

276174518 475003017618870 3437931187884487907 n 276310690 475003477618824 3343961512399230103 n 276027692 475003494285489 919429586721301907 n276166710 475003437618828 7437710118451145103 n 276056980 475003460952159 1592044959574954621 n 276157608 475003360952169 4556027961228997354 n

News & Events

Scroll To Top