යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආගමික සිද්ධස්ථාන පොලිතින්,ප්ලාස්ටික් වලින් තොර පුදබිම් බවට පත් කිරීමේ අපේක්ෂාවෙන් සහ දේශීය අත්කම් නිර්මාණ ප්‍රචලිත කිරීමේ අරමුණින් 2022/03/12වන දින සමාරම්භක පුහුණු වැඩසටහන ගල්පාත ශ්‍රී සුමංගලාරාම දහම් පාසලේ දරු දැරියන් හා ගුරු භවතුන් වෙනුවෙන් පැවැත්විණි.මේ සදහා පුර්ණ උපදේශකත්වය යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතිඥ ප්‍රියංගනි පෙතන්ගොඩ මැතිණිය අතින් සිදු වූ අතර පූජ්‍ය පොළොන්නරුවේ සමිත හිමි , බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරි දෙපල ඇතුළු වසමේ රාජ්‍ය නිලධාරි සියලුදෙනාගේ පුර්ණ සහයෝගය මේ සඳහා ලැබුණි.















