යටියන්තොට ප්‍රාදේශීය ලේකම් තුමියගේ මග පෙන්වීම යටතේ වී ඔය වත්ත උඩ කොටසේ පවුල් 25ක් තෝරාගෙන ඔවුන් වෙනුවෙන් වැවිලි ප්‍රජාවට සුවැති දිවියක් වැඩසටහන යටතේ ආයුර්වේද වෛද්‍ය සායන සහ දැනුවත් කිරීම්,ගෘහස්ථ ඵලදායිතා වැඩසටහන් හා ගෙවතු වගා වැඩසටහන් පැවැත්වීම 2022.02.09 දින යටියන්තොට සිදුවිය . මීට අමතරව ගෙයින් ගෙට ගොස් තොරතුරු ලබා ගැනීම සහ විදේශගත වීමට අපේක්ෂා කරන පුද්ගලයින්ගේ තොරතුරු ලබා ගැනීමද මෙහිදී සිදුවිය.















