මලල්පොල ග්‍රාම නිලධාරී වසමේ මීට මාස දෙකකට පෙර අකුණු සැර වැදීමෙන් මියගිය පුද්ගලයකු වෙනුවෙන් රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය මගින් ලබා දෙන රුපියල් දෙලක්ෂ පනස්දහසක වන්දි මුදල මියගිය අයගේ බිරිඳ වෙත ප්රදානය කිරීම
2022.01.19 වන දින සබරගමුව පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය, යටියන්තොට බුලත්කොහුපිටිය සම්බන්ධීකරණ කමිටුවේ උප සභාපති ශ්‍රීලාල් වික්‍රමසිංහ මැතිතුමා , යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතිඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිණියගේ හා යටියන්තොට ප්‍රාදේශීය සභාවේ උප සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන්, යටියන්තොට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකරන ලදි.















