2022 වර්ෂය සියලුදෙනාටම සුභ නව වසරක් වේවා!!!.
යටියන්තොට පුරවරයේ "සංවර්ධනයේ විශ්වාසනීය මෙහෙයුම්කරු, "යටියන්තොට ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය2022 අභිනව වර්ෂයේ නිල රාජකාරි සමාරම්භය සර්ව ආගමික වතාවත් සහ සෙත් පිරිත් මධ්‍යයේ ප්‍රාදේශීය ලේකම් නීතිඥ ප්‍රියංගනි පෙතන්ගොඩ මැතිනියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
අප හට ආශිර්වාද කිරීම සඳහා වැඩම කළ වදාළ පූජනීය මහ සංඝරත්නයට,යටියන්තොට කතරගම කෝවිලේ කුරුක්කල් තුමන්ට, යටියන්තොට ශාන්ත මරියා දේවස්ථානයේ පියතුමන්ට සහ යටියන්තොට ජුම්මා පල්ලියේ මව්ලවි තුමන්ට අපගේ ගෞරවනීය ප්‍රණාමය.
කාර්ය මණ්ඩලයේ සියලු නිළධාරීන්ට සියලු බාධක ජය ගැනිමට ශක්තිය ලැබී ජනතාවට විශිෂ්ට සේවයක් කළහැකි සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!

















