"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු"        "A reliable operator of development"    "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"

குடியுரிமை சாசனம்

මී මැසි පාලනය ..මී පැණි තරම් රසවත් නෑ.ඒ වුනාට නවසීලන්තය වගේ රටවල් මේ කර්මාන්තය පිළිබඳව අවධානය යොමු කරල එම කර්මාන්තයෙන් සෑහෙන තරම් ආදායම් උපයනව.මේ කර්මාන්තයට නවීන ක්‍රම භාවිත කරල ටිකක් වැඩිපුර මහන්සි වුනොත් අපටත් හොඳ ආදායමක් උපයන්න බැරි කමක් නෑ...මේ අදහස ඇතිව කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අපි යටියන්තොට ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශක ප්‍රදීප් සමරනායක මහත්මයත් , කෘෂිකර්ම උපදේශක මහත්මියත් එක්ක එකතු වෙලා ඒ අයගේ දැනුමත්, අත්දෑකීමත් යොදවල කිරිකොහුතැන්න වසමේ ග්‍රාම නිළධාරී ප්‍රධාන සියලු නිළධාරීන්ගේ උදව්වෙන් තව අවුරුදු හතඅටකින් හෝ මී පැණි නිෂ්පාදන ගම්මානයක් ගොඩනඟා ගනිමුයි කියන ප්‍රාර්ථනය ඇතිව අද දවසේ කිරිකොහුතැන්න ගමේදී ව්‍යාපාරික මී මැසි පාලනය පිළිබඳව පුහුණු වැඩසටහනක් කලා.නවසීලන්තයේ ගොවිබිමක සේයාරුව කිරිකොහුතැන්න ගමේදී හැබෑවට දකින එක අපේ හීනයක්.හීන වෙනුවෙන් වැඩ කරන එක, වෙහෙසෙන එක කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අපිට නුහුරු දෙයක් නෙවෙයි.හීනය දිගේ යන ගමනට කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය වගේම යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුළු සහෝදර නිළධාරීන්ගේ සහායත් දැවැන්ත හයියක්.ඒ හයියට අපි හැමදාමත් .....

317380032 649532966832540 304548472651398556 n 317636210 649533436832493 4654704766333228826 n 317764167 649533493499154 5014609069763826744 n

317772838 649533513499152 9023519987209220437 n 317793483 649533560165814 6531538579156084955 n

News & Events

குடியுரிமை சாசனம்

Scroll To Top