"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු"        "A reliable operator of development"    "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"

குடியுரிமை சாசனம்

"සුඛෝ බුද්ධානං උප්පාදෝ"
බුදුවරුන්ගේ ලොව පහල වීම සැපතකි...
යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ අභිනවයෙන් ඉදිකෙරුණු බුද්ධ මණ්දිරය 2022.10.05 පෙ.ව .08.59ට යෙදුණු සුබ මොහොතින් සසුනට පූජා කිරීම යටියන්තොට ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති මාහිමිපාණන් ප්‍රධාන මහ සංඝරත්නයේ සහ ප්‍රාදේශීය ලේකම් තුමිය ප්‍රධාන තත් කාර්යාල නිලධාරින් සහ කොට්ඨාසයේ සහොදර රාජ්‍ය ආයතන ප්‍රධානින්, යටියන්තොට ප්‍රාදේශීය දේශපාලන නායකයින්, ආධාර ලබා දුන් පරිත්‍යාගශිලීන් ඇතුළු සැදැහැවතුන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණි. එසේම දහවල් සාංඝික දානමය පිංකමක් ද මහ සංඝරත්නය විශයෙහි පවත්වන ලදි. තවද මෙම සම්බුද්ධ මංදිරයේ බුද්ධ ප්‍රථිමාව පූජා කරන ලද්දේ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සොභිත නාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය පුත්‍ර ඇඹිලිපිටියේ ගුණසිරි හිමියන් ප්‍රධාන තත් ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා වන අතර උන්වහන්සේලා ප්‍රධාන ආධාර කල, දැක සාධු කියා වචනයෙන් හරි උදව් කල සැමට නිවනේ රන් දොරටු විවර වේවා....!!!!

 1  2 3

5 6 8 9

News & Events

குடியுரிமை சாசனம்

Scroll To Top