යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතිඥ ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිණියගේ මඟ පෙන්වීම හා පූර්ණ අධීක්ෂණය යටතේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හා එක්ව යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ නිළධාරීන් සංවිධානය කල වාණිජ නයිමිරිස් වගාව පිළිබඳ තාක්ෂණික පුහුණු වැඩසටහන 2022-08-30 දින දවස පුරා කාර්යාලයීය ප්‍රධාන ශාලාවේදී සාර්ථකව පැවැත්වීය. පුහුණු අවශ්‍යතාවය ඇති විශාල පිරිසක් මේ සඳහා සහභාගි වූ අතර යටියන්තොට ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශක ප්‍රදීප් සමරනායක මහතා සම්පත් දායකත්වය සැපයීය.සහකාර ප්‍රාදේශීය ලේකම් තුමියගේ සහභාගීත්වයෙන් සහ ග්‍රාමීය කර්මාන්ත,ව්‍යවසාය සංවර්ධන, කෘෂිකර්ම , ඵලදායිතා, සමත, පරිසර ඇතුළු ක්ෂෙත්‍ර නිළධාරීන් රැසක් මෙම පුහුණු වැඩමුළුව සාර්ථක කර ගැනීමට අවශ්‍ය සහාය ලබා දුන් අතර මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය පහසුකම් ලබා දීමට යටියන්තොට ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අවධානය යොමු වී ඇති අතර ඒ පිළිබඳව දැනුවත් කිරීමක් ද සිදුවිය
.
















