යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් 2022.05.20 දින යටියන්තොට මහවිල වසම කේන්ද්‍ර කරගෙන "සාගතයට පිළියමක්" මහ වගා සංග්‍රාමයේ මාසයක පමණ සංවිධාන කටයුතු වලින් පසු අවසාන රැස්වීම පැවැත්වීම සහ වගා බිම් හදුනාගැනීම ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනි පෙතන්ගොඩ මැතිනියගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.එසේම වසමේ නව ව්‍යවසායකයින් සහ උද්යෝගී වැඩිහිටියන් ගැන සොයා බැලීමද ප්‍රාදේශීය ලේකම් තුමිය විසින් සිදුකරන ලදී. මේ සදහා වසමට අනුයුක්තව සිටින සියලු රාජ්‍ය නිළධාරීන් සහ ගොවි ජනතාව සහභාගී විය.


















