![]() |
"සංවර්ධනයේ විශ්වසනීය මෙහෙයුම්කරු" "A reliable operator of development" "வளர்ச்சியின் நம்பகமான செயல்பாட்டாளர்"
|
Service Cluster of Divisional Secretariat
சிவில் பதிவுகள்
அனுமதி வழங்கல்
சான்றிதழ்கள் வழங்குதல்
ஓய்வூதிய கொடுப்பனவு
நில நிர்வாகம்
சமூக நலம் மற்றும் நன்மைகள்
சமுர்த்தி திட்டம்
கொள்முதல்கள்
அபிவிருத்தி திட்டம்
எம்மால் வழங்கப்படும் சேவைகளைக் கண்டறிய...
தேவைக்கேற்ப, தொடர்புடைய வகையைச் சரிபார்க்கவும். நீங்கள் தேடிய தகவலை உங்களால் கண்டுபிடிக்க முடியவில்லை என்றால், தயவு செய்து எங்களை தொடர்பு கொள்ளவும்.
தொடர்புகளுக்குNews & Events
அரசு சேவை மையங்கள்
முகப்பு
සවිය කුසලතා සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන්ගේ සීල සමාදාන වැඩසටහන...
ප්‍රාදේශීය ලේකම් ඩී අනෝමා දිසානායක මැතිණියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් නදීශානි කේ වේරගල මැතිණියගේ උපදෙස් හා මගපෙන්වීමෙන් වෙසක් දිනයට සමගාමීව සවිය කුසලතා සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන්ගේ සීල සමාදාන වැඩසටහන 2026.05.19 දින යටියන්තොට නන්දාරාම විහාරස්ථානයේදී පවත්වන ලදි.

දිට්වා ආපදාවට පත්වූවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන Rebuilding Sri Lanka වැඩසටහන යටතේ යටියන්තොට කොට්ඨාසයට අදාල ප්‍රගතිය විමසා බැලීම 2026.05.15
දිට්වා ආපදාවට පත්වූවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන Rebuilding Sri Lanka වැඩසටහන යටතේ යටියන්තොට කොට්ඨාසයට අදාල ප්‍රගතිය විමසා බැලීම 2026.05.15 දින කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති,කෑගල්ල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.මෙහිදී නැවත පදිංචි කිරීමේ වැඩපිලිවෙල විධිමත් කිරීම පිළිබඳවත් එහි වත්මන් ප්‍රගතිය පිලිබඳවත් සාකච්ඡා කරන ලදී.මේ සඳහා යටියන්තොට සම්බන්ධිකරණ කමිටු සභාපති ,කෑගල්ල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නන්දන මිල්ලගල මැතිතුමා,යටියන්තොට ප්‍රාෙද්ශීය සභාවේ සභාපති තරිඳු දෙවනගුරු මැතිතුමා ඇතුළු දේශපාලන අධිකාරිය,කෑගල්ල දිස්ත්‍රික් ලේකම්/දිසාපති කේ.ජී.එස්.නිශාන්ත මහතා,කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම්/දිසාපති ජී දිලිප් නිශාන්ත මහතා, යටියන්තොට සහකාර ප්‍රාෙද්ශිය ලේකම් නදීශානි කේ වේරගල මහත්මිය,සහකාර අධ්යක්ෂ කල්පනී කුරුළුගම මහත්මිය,පරිපාලන ග්‍රාම නිලධාරී ලලිත් රංජිත් මහතා ඇතුළු ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්,වතු අධිකාරීවරුන් ,යටියන්තොට පොලිසියේ නිලධාරීන්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඇතුළු රාජ්‍ය ආයතන රැසක නිලධාරීන් සහභාගි වූහ.

රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් ආතති කළමනාකරණ වැඩසටහනක්
යටියන්තොට ප්‍රාෙද්ශිය ලේකම් ඩී.අනෝමා දිසානායක මැතිණියගේ සහ සහකාර ප්‍රාෙද්ශීය ලේකම් නදීශානි කේ වේරගල මැතිණියගේ මග පෙන්වීම අනුව උපදේශන නිලධාරී විසින් සංවිධානය කරන ලද දිට්වා ආපදා සහන රාජකාරීන්වල නිරත වූ නිලධාරීන්ගේ ආතති කළමනාකරණ උපදේශන වැඩසටහනක් 2026.05.08 කිතුල්ගල ඇඩ්වෙන්චර් බේස් කැම්ප් පරිශ්‍රෙය්දී පවත්වන ලද අතර ජ්‍යෙෂ්ඨ මනෝ විද්‍යෘ උපදේශක ලුතිනන් කර්නල් ලක්ෂ්මන් ගුණතිලක මහතා සම්පත් දායකත්වය ලබා දෙන ලදි.
























